"චූටි....පොඩ්ඩෝ...අද ස්කූල් යනවද...යනවනම් ඉක්මනට එන්න...මන් යනවා හරිද...!!"
චූටිබාප්පා පල්ලෙහා ඉදන් බෙරිහන් දෙන්න ගත්තා...
"මල්ලි...!!"
"චූටි අයියේ...!!"
හපෝ...අද අක්කල නන්ගිලා දෙන්නත් එකතු වෙලා මට කෑගහනවා...
"මේ එනවෝඔ.....!!"
මම උන්නෙ තවම ලෑස්ති වෙන ගමන් ඊයේ පරක්කු උනා නෙහ් නිදා ගන්නකොට ඒක නිසා නැගිටිද්දිත් පොඩ්ඩක් විතර පරක්කු උනා..කොහේද මෙයා ලා වේලාසන නැගිටල මට පොඩ්ඩක් පරක්කු උනාම තමයි ඔක්කෝගෙම සද්ද හුම්....
මම දඩි බිඩි ගාලා කොන්ඩෙත් හදාගෙන බෑග් එකත් එල්ලගෙන සපත්තු දෙකත් ඉක්මනට පටලගෙන පල්ලෙහාට දිව්වා...තව පොඩ්ඩෙන් කාපට් එක පැටලිලා වැටෙනවත් එක්ක දිව්ව දිවිල්ලට...
"හෝ...හෝ...චූටි මොකක්ද කරන්නෙ..තව පොඩ්ඩෙන් බිම..."
තාත්ති මාව වැටෙන්න නොදී අල්ලගත්ත නිසා හොදයි ඉතින්...
"හී හී...චුට්ටක් කකුල පැටලුනා නෙහ්..."
"හොද චුට්ට..."
"හරි හරි මුකුත් උනේ නෑ නෙහ්..දැන් යමුද..."
"ම්ම්..යන්න ඒනම් කට්ටියම පරිස්සමට.."
"බුදුසරණයි..""බුදු සරණයි තාත්ති..."
"බුදු සරණයි තාත්ති..."
"බුදු සරණයි ලොකු බාප්පේ..."
"බුදු සරණයි චූටි අයියෙ..."අපි හතර දෙනාම එකට තාත්තිට බුදු සරණයි කියල..තාත්තිට වැදල ගෙදරින් ආවා..චූටි බාප්පට කාර් එකක් තීන නිසා ඒකෙ තමයි අද ස්කූල් යන්නෙ...කෝමත් එකනෙහ් හිරුනුත් දාගෙන අපි ස්කූල් ගියා...
චූටි බාප්පා ඩ්‍රයිවින් ශීට් එකේ...මම පැසෙන්ජර් ශීට් එකේ...අක්කියි,මනූයි,හිරුනුයි තුන්දෙනා බැක් ශීට් එකේ...
"චූටි....අද අර ඉන්විටේශන් එක සයින් කරපු එක ගත්තා නේද.."
"ඔව් ඔව් බාප්පෙ..."
චූටි බාප්පගෙ කාර් එකේ සින්දුවක් දාලා තිබුනා ඒක නිසා මට ඊයේ රෑ මට නිදාගන්න පරක්කු වෙච්ච සිදුවීම මතක් උනා...
මගේ ෆෝන් එකට අදුනන්නෙ නැති නම්බර් එකකින් මගේ ෆොටො එකක් එවිත් තිබුනනෙහ්..ඒක මම ඊයෙ බැලුවෙත් ඒකෙනාගෙන් මට msg එකක් ආව නිසා...
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki