සයුරු මිනිහා තමයි දවසකටත් මිනිහා කෙට්ටු හීන්දෑරි උස ශරීරයකට හිමිකම් කියන ඔහු සුදුම සුදු කෙනෙක්... සයුරු දීක්ශ සේමසින්හ...
මමයි හිරුනුයි සයුරු එක්ක කතා කරද්දිම තේරුන දෙයක් තමයි මිනිහා අපේ ටයිප් කියන එක...අපි දන්නෙ නැති උනාට අපි යන ක්ලාසස් වලටමලු මිනිහත් එන්නෙ... අපිට පුදුමත් හිතුනා මෙච්චර කාලයක් අපි ඒක නොදැන ඉන්නේ කොහොමද කියලත්...සාමාන්යෙන් කෙල්ලො වගෙ නෙවෙයි නෙහ් කොල්ලො...සේරමලා එකට ඉන්නෙ..ඒක නිසා අපිට හිතා ගන්න බැරි උනා ...පස්සෙ තමයි තේරුනෙ සයුරු ඉන්නෙ තනියම පැත්තකට වෙලා කියල..ඒක නිසා කෝමත් අපි දැනගෙන ඉන්න විදියක් නෑ... අපිත් ක්ලාස් ගියොත් ඉන්නේ අපේ සෙට් එකත් එක්ක නිසා වටේ ඉන්න අය ගැන හොයන්න යන්නෙ නෑ...
ඔන්න ඉතින් දැන් අපේ හතේ කල්ලියට අලුත් සාමාජිකයෙකුත් එකතු උනා..ඒ ඉතින් සයුරු තමයි ... ආඅ තව දෙයක් තියේ නෙහ් සයුරු වගේම අපේ ස්කෝලේ සෙට් එකට තව අලුතෙන් එක්කෙනෙක් ආවා.. ඌනම් තනිකරම පොත් ගුල්ලෙක්... හෙන සල්ලි තියෙන පොරක්..අලුතෙන් තමයි ස්කෝලෙට ඇවිත් තියෙන්නෙ... අම්ම තාත්තා ඒම හෙන් උගත්තුලු.. මට මතකෙ හැටියට ප්රොෆෙසර්ස්ලා ලු... උගේ දැනුම වැඩි නිසාද කොහේ පොල් කන්නාඩිත් දානවා... ඌව දැක්කත් සමහර වෙලාවට හිනා යනවා මට නම්... ඌ ඒ තරම් පෙනුමින් ගොබ්බයි බන්...පෙනුම ගොබ්බ වුනාට මොකද ඌට හොදට ඉගෙන ගන්න පුලුවන් නෙහ්.. එතකොට අපි තමයි ගොබ්බ...උගෙ නම "ගෞරව් ඒකනායක."..හෙනම ඩීසන්ට් පොරක් තමයි... කොයි වෙලෙත් පොතක් අතේ.. තියෙන්නෙත් හිච්චි හිච්චි පොත් නෙවෙයි තඩි ලොකු පොත්...
දැන් ඒක නෙවෙයි මට තියෙන ලොකුම ප්රශ්නෙ... ඒ තමයි හිරුන් ගෙ මේ හැසිරීම... මම හිතන විදිය හරි නම් මම දන්නවා හිරුන් ඇයි මේ විදියට හැසිරෙන්නෙ කියල...මට දැන් දැනගන්න ඕන ඒ මම හිතන දේමද කියල හරියටම...මම මූ දැන් කොච්චර හිනා වෙවී හිටියත් හිතයටින් දුකින් ඉන්නෙ කියල හොදටම දන්නවා....
"හිරුන්... "මම හිතේ දෙගිඩියාවෙන් වගේ කතා කලේ...
" ඕ... කියහන් බන්..."හිරුන් වෙන කට්ටියක් එක්ක හිනා වෙවී කතාවක හිටියේ.. මම කතා කල ගමන් ඌ හිනා වෙවීම මගෙ දිහා බැලුවා...
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki