උදේ පාන්දරම නැගිට්ටේ තණකොළ ගොඩකින් උනත් එදා දවසම හරි ඉක්මනට ගෙවිලා ගියා වගේ උනා...එක එක ශොට්ස් එක එක විදියට එක එක තැන් වලදි...මේ දවස් දෙකම හරි ලස්සනට ගෙවිලා ගියා..
අපි හැමෝම හිටියේ රෑට කෑම කන්න කැම හදන ගමන්..හැමෝම එකට එකතු වෙලා කෑම හැදුවේ..මොකද අද රෑ තමයි අපි හැමෝම එකට ඉන්න අන්තිම රෑ...ආයෙම හෙටින් පස්සේ ආයේ හමු වෙයිද කියන්නවත් බෑ...ළමයි ටික නම් ක්ලාස් වලදි හමු වුනත් රන්දේව් සර් එහෙම ආයෙ කවදා හම්බ වෙයිද කියල කියන්නවත් බෑ...
ළමයි ටික දෙනෙක් කෑම හදන් තැන උදව් කරනකොට...තවත් ළමයි ටිකක් කූඩාරම් ගහන්න එකතු වෙලා හිටියා...
මම ගීශාන් එක්ක කෑම හදන තැනට ගිහින් ටිකක් උදව් කරල කූඩාරම් හදන්නත් උදව් වෙන්න ගියා...
මම කූඩාරම් හදන්න උදව් කරන අතරතුර මට ඈතකින් වගේ කහ පාට වගේ එළියක් දැක්කා...මගේ පෙනීම හොදනම් ඒක කණාමැදිරි එළියක්....ඔව්...ඒක කණාමැදි එළි...එක කණාමැදිරියෙක්ගේ එළියක් නෙවේ...එතන කණාමැදිරියෝ ගොඩයි...එක පොකුරට ගොඩක් කණාමැදිරියෝ...එතන මොකක් වෙනා ඇත්ද....ඇයි මේ රෑනක් ඉන්නේ...එතන මොකක්ද ඒ වෙන්නේ...
මම අනික් ළමයින්ට පේන්නෙ නැති වෙන්න ඒ හරියට හෙමින් හෙමිම් ගෑටුවා...එහෙම යන්නත් මට හේතුවක් තියෙනවා...ඒ දවල් වෙච්ච සිදුවීමක් තමයි ඒකට හුගක්ම බලපෑවේ...
දවල් අපි කෑම කන්න පෝලිමේ ඉන්නකොට කවුරුහරි කලු ඇදුමක් ඇදගත්ත කෙනෙක් මගේ ඇගේ හැපුනා...ඒ වෙනේ මට එච්චර දෙයක් හිතා ගන්න බැරි උනත් දැන් තමයි හරියටම තේරෙන්නේ මොකක්ද ඒ මනුස්සයා කියුවේ කියල...
"ආලෝකය පස්සේ යන්න..."
ඒක තමයි නන්නාදුනන අර පිරිමි පරාණේ මට කියුව දේ....
දවල් වෙලාවේ අපිට ආලෝකය ගොඩක් තියෙනවා...ඒ කියන්නේ රාත්‍රී කාලයේදි තමයි මට ආලෝකය පස්සේ යන්න වෙන්නේ...
ඒක නිසාම මම මේ කනෑමැදිරි එලිය පස්සේ යනවා...
මොකද මට රුද්‍රා කියපු දේවල් වලට උත්තර හොයන්න ඕනේ...
මට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ ගැන...
ලෝක දෙකක්...?? බලයන් දෙකක්...??අවුරුදු දහස් ගානක පුරාවුර්තයක්...?? කොහෙදෝ තියෙනවා කියන පොතක්...?? ඇයි මාවම මේ දේවල් වලට ගන්නෙ...?? මාව රුද්‍රා කොහොමද දන්නේ...??මේ ලෝකේ අය එක්ක සම්බන්දකම් පවත්වනවලු...??කවුද අනික අපේ ලෝකෙන් නොදැනුවත්ම උනත් බලයන් තියාගෙන ඉන්න මිනිස්සු...?? අනේ මන්දා මට තේරෙන්නේ නෑ මේවට උත්තර මම කොහෙන් හොයන්නද කියල...මට මේවා කාට වත් කියන්නත් බෑ...මොකද මේවා කියුවා කියල කවුද විශ්වාස කරන්නේ..රුද්‍රා වගේම නාත් මට කියනකොටත් මටත් පුදුමයක්නේ හිතුනේ...ඒ වෙලේ මම හැසිරුනු විදිය...ඒ හැමදේම ගැන බලද්දි මට මේ ගැන කා එක්කවත් කියන්නවත් විදියක් නෑ...මම කොහොම මේවට උත්තර හොයන්නද කියල හිතාගන්න බෑ... මට අන්තිම මොහොතේ රුද්‍රා කියපු විදියට මට මේ හැම දේමට උත්තර හොයාගන්න පොඩි පොඩි ඉගි දෙන්නම් කියුවා...
YOU ARE READING
සේයාවි
Fiksi Penggemar"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki