chapter 10

492 74 32
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජීවිතේ වෙලාවකට හරි පුදුමාකාරයි. අපි බලාපොරොත්තු වෙන දේවල් ආස කරන දේවල් හිතනවට වට වඩා ගොඩක් ඉක්මනට ලගට එනවා. හිතාගන්න බැරි විදිහට හිතුවට වඩා හොදට. වෙලාවකට පොඩි බයක් ඒ ගැන නැතුවම නෙවේ. ඒත් අපි වෙන කැපවීමට මහන්සියට ඒකත් එක්තරා විදිහකට ලැබෙන පොඩි වටිනාකමක්නේ කියලා පස්සේ ඒ බය අමතක කරලා දානවා.නැත්තන් ඉස්සරහට අඩියක් තියන්න අමාරුයි.

මගේ දෙවෙනි බර්ත් ඩේ විශ් එක , මේ පාර කොහොමහරි ipl සෙල්ලන් කරන්න චාන්ස් එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරාට ඇත්තටම ඒක ගැන ලොකු විශ්වාසයක් තිබුනේ නෑ. ඒත් අන්තිමට ඒ බලාපොරොත්තුවත් මල් ඵල කොල අතු දාලා ලියලලා එනකොට සතුටට නැටුවේ නැති ටික විතරයි. හිකනලාට කිව්වා කියලා ලොකු අවුලක් උනේ නෑ අම්මේහ්...

ඇත්තමයි t20 ටීම් එක ඇතුලට ඇවිත් රෙහාන් අයියගේ අතින් කැප් එක ඔලුවට දාපු දවසෙයි මේ තිබ්බ සීරියස් එකේ මගේ බෙස්ට් බෝලින් පර්ෆෝමන්ස් තිබුන දවසටයි පස්සේ වැඩියෙන්ම සතුටු උනේ එදා ; අපේ තුන්වෙනි odi මැච් එක තිබුන දවසේ. මන් විතරක් නෙවේ මගේ හිකනලත් එහෙමයි කියලා දන්නවා මම. මොකද එදා තමා මේ අවුරුද්දේ අයිපී එල් වෙන්දේසිය තිබුනේ. කලින් ඉදන් තිබ්බ ටීම් දහයයි අලුතින් එකතු වුණ ටීම් එකයිත් එක්කම ඔක්කම ටීම් එකොලහක් මේ පාර ipl සෙල්ලන් කරනකොට අලුත් ටීම් එකේ අයිති කාරයා දැකලා මගේ හුස්ම හිර උනේ නැති ටික විතරයි. දෙයියනේ එයා වෙන කවුරුත් නෙවේ හැමෝම කතා වෙන ඉන්දියාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය සුපිරි පහේ බිස්නස්මන් කෙනෙක් උන දේවන් රාජත් සින්ග්.

ඒත් හොදම නිවුස් එක ඒක නෙවේ. දේවන් රාජත් සින්ග් කියන්නේ දේවි ලක්ශ්මී එහෙම නැත්තන් ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෙන් ෂෙවෝන් වංග්ගේ වයිෆ්ගේ අයියා. මන් දේවත්වයෙන් අදහන මනුස්සයගේ මස්සිනා. එතකොට එක්තරා විදිහට මගේ දේව මණ්ඩලේ මුල්ලක් අයිති මනුස්සයෙක්. හිතනකොටත් පිස්සු වගේ. ආයේ ඉතින් අලුතින් ඒ ටීම් එකේ ප්‍රදාන කෝච් කවුද කියලා හිතන්න දෙයක් නෑනේ. වෙන කවුද ඉතින් ෂෙන් ෂෙවෝන් වංග් තමා. උදාරයි කියන්නේ ආය ඒක සුපිරියක්. දේවන් රාජත් සින්ග් එක්ක ෂෙන් ෂෙවෝන් වංග් කියන්නේ ඒක නියම සුසංයෝගයක්. මට පිස්සුවගේ රංජනීඊඊඊඊඊ .

hat Trick Where stories live. Discover now