chapter 18

515 72 83
                                    

හුස්මක් වැදෙන දුර. හරි වේගෙන් ඉහල පහල යන පපුව.... ලගින් ලගින් දැනෙන සීතල සුවද ... මන් හිතන්නේ මගේ වටේ ලෝකේ එකපාරටම නතරවුණා වගේ දැනුනේ. ඇස් පිල්ලම් ගහන්නේ නැතුව මගේ මූණ පුරා ගිය ඒ ඇස් දෙක අන්තිමට නැවතුනේ මගේ තොල් ලග කියලා ඒ ඇස් වල චායාවෙන් මටම පේනකොට මන් දන්නේ නෑ මගේ හදවත කොච්චර වේගෙන් ගැහුනද කියලා. එක තත්පරේකට හිතුනා ඒ ගැහුන වේගෙට සද්දේ පිටට ඇහෙයිද කියලා.

එක තත්පරයක්...... ඔව් නිමේශයක්.... ඒ ඇස් වල බැල්මේ කිසිම වෙනසක් නැතුව ටිකෙන් ටික මුණ ලගට පාත්වෙනකොට මටත් නොදැනී සින්ක් ගැට්ටට අත තදවෙලා ඇස් දෙක බෝලවෙලා මන් ඒ ඇස් දිහා බලන් හිටියේ ඇත්තටම මන් මොනවද කරන්නේ කියලා. ඒත් ඊලඟට උන දේත් එක්ක ඇග දිගේ හිරියක් ගලාගෙන ගියේ ඇගිලි එකට පැටලිලා අත මිටමෙලවෙද්දි.

ඒ හැගීම. දන්නවද එකපාරට නොහිතන දේවල් වෙනකොට වෙන්න යනකොට හදවතට ඒක දැනෙන විදිහ. රුධිර පීඩනය ක්ශනයෙන් වැඩිවෙලා ඇගදිගේ විදුලි ආදෝ බඩගාගෙන යනවා වගේ දැනෙන ෆීලින් එක. ඒක මන් හිතනේ මරණ බයට හපන්. ස්පෙශලි මේ වගේ විශේශ වැඩක් කරන්න තියෙන වෙලාවක. ඒ ගැස්ම ලේසියකට නවත්තගන්න බෑ. කකුල් පන නැති වෙලා වගෙ මටම මාව වාරු නෑ වගේ. ඇත්තටම මට තේරුම් ගන්න බෑ මේ වෙන දේවල්.

ඒ මූණ දිහාම මන් බලන් ඉද්දි ඒ ඇස් මට කීවේ වෙනම කතාවක්. ඒක මහ අමුතුයි. ඒත් ඒ කතාව කොහෙ තේරුන් ගන්නද. එක තත්පරේට ඒ ඇස් බැල්ම මගේ තොල් ලගම නතර වෙලා මූණ මගේ මුනට පාත්වෙනකොට මන් ඇස් තද කරලා පියාගත්තේ ඇයි කියන්න මටම තේරුමක් නෑ. ඒත් ඊලඟට උන දේ........

" ඇස් පියාගෙන භාවනා කරනවද රුශ්. මැච් එක පටන් ගන්න ලගයි...... ඕල්ද වෙරි බෙස්ට්......"

ඒ මොකක්ද යකෝ ඒ උනේ...................... මන් අහන්නේ ඇයි ...... ඇයි ....... මටම මෙහෙම දේවල් වෙන්නේ. දෙයියනේ වෙන මොනවත් හිතුවද දන්නේ නෑ. සැක් කැතයි ලැජ්ජයි හිරිකිතයි යකූ. ඇස් දෙකත් පියාගෙන මන් මොකද ඒ කරේ. ම්හුක් අම්මේහ් ......................

මගේ මූණට කන්න වගේ පාත් උන මනුස්සයා මන් හිතුවේ..... ආයිශ්....... එහෙම උනේ නෑ රංජනීඊඊඊඊඊ. මට පිස්සුද කොහෙදෝ .... කන ලගින් එකපාරටම ඇහුන කට හඩත් එක්ක ඇස් ඇරිය මට උනේ වනේ වන හතුරෙක්ටවත් වෙන්න හොද දෙයක් නම් නෙවේ. මහ කැත හිනාවක්... කැත කියන්නේ හෙනම නෝන්ඩි හිනාවක් ඒක.

hat Trick Where stories live. Discover now