10 ♡

154 26 22
                                    

මුණට වැටෙන ඉර එළියේ කරදරේ නිසාම ලියෝන් රෙද්ද මුනේ ඉඳන්ම පෙරව ගත්තා. විනාඩි කිහිපයකට පස්සේ ලියෝන්ට තේරුණා යම්කිසි වරදක් සිදුවෙලා කියලා. මුලින්ම කෑම උයන සුවඳක් ආවා. ඒත් එක්කම දඩිබිඩි ගාලා නැගිට්ටා. එහෙම්මම කුස්සියට දිව්වා. විහස්න ඒප්‍රන් එකක් දාගෙන බරටම වැඩ. කුස්සිය ගිනිගන්න වගේ දුමක් ගියාට නහය කඩාගෙන යන සුවඳක් ආවේ. cutting board එක උඩ එළවලු. තියෙන ලුණු, මිරිස් , ගම්මිරිස් බෝතල් ඇරලා. ලියෝන් හිනාවෙවිම විහස්න ගාවට ගියා.

'' මේ මොකද මේ උදෙන්ම කුස්සියේ..??''

'' වෙලාව බලන්න අයියේ.. දැන් 10ත් පහුවෙලානේ.. ''

ලියෝන් ගොන් හිනාවක් දාලම ඔලුව කසන්න ගත්තා. විහස්න උයන එක නවත්තන්නේ නැති නිසා එයාටම උයන්න දීලා , ලියෝන් කුස්සියේ බඩු අස්පස් කරලා දාන්න ගත්තා. පැය බාගයක් විතර කෑම හදන්න ඔට්ටු වුණ දෙන්නා , කෑම පිඟන්වලට බෙදලා මේසේ උඩින් තිබ්බා. ලියෝන් තාමත් ඇඟ සෝදලා හිටපු නැති නිසා ඇඟ සෝදගෙන එන්නම් කියලා ගියා. බෙලා කැරකි කැරකි හිටපු නිසා, විහස්න බෙලාගේ ප්ලේට් එකට කෑම දාල කන්න දුන්නා. ඒත් එක්කම ලියෝන්ගේ කාමරේ හිටපු මාළු බබාලටත් කන්න දුන්නා.

'' මාළු බබාලා ඉක්මනට කාලා ලොකු වෙන්න. ''

බෙලා කෑම කාල ඉවර නිසා විහස්නව හොයාගෙන ලියෝන්ගේ කාමරේටම ආවා. විහස්න ඇඳ උඩින් ඉඳගෙන බෙලාව හුරතල් කරන්න ගත්තා.

ලියෝන් වොෂ් දාල ඉවර වෙලා ටවල් එකත් ඇඳගෙනම එළියට ආවා. එයා හිතුවේ නැහැ විහස්න කාමරේ ඉඳීවි කියලා.

'' අහ්හ් තෙව්මික.. ඔයා කාමරේද...??''

විහස්න ඉක්මනට මුණ බිමට හරවගත්තා. ඒත් එක්කම බෙලාවත් උස්සගෙන කාමරෙන් එලියට ගියා. වෙලාවට විහස්න මූණ මූණ බිම හරවන් හිටියේ. එයාගේ මූණ චෙරි ගෙඩියක් වගේ රතුවෙලා. ඊට දෙවැනි නොවෙන්නම ලියෝන්ගේ මූණත් රතුවෙලා. ලැජ්ජාව බාල්දියෙන් එකයි කියල හිතාගෙනම ඇඳගෙන හිටපු සුදුපාට ටවල් එක පිටින්ම දොර ඉක්මනට ලොක් කරලා කබඩ් එකගාවට ඇවිත් ඇදුමක් තෝරාගත්තා. workout කරන නිසාම පිරිපුන් ඇඟක් ලියෝන්ට තිබුනා. ගානට වෙන්වෙලා තිබුන ඇබ්ස් නිසාම ලියෝන්ගේ සිරුර කැපී පෙනුනා. ඉක්මනට ඇදුමක් ඇඳගෙනම ලියෝන් කන්න ආවා.  දෙන්නම කිසිම සද්දයක් නැතුව කන්න ගත්තා. ටික වෙලාවකට පස්සේ විහස්නගේ අම්මා කෝල් කළා.

Unbroken Melody  | නොබිඳුණු තනුව | ✓Where stories live. Discover now