07 ♡

141 24 44
                                    


ඇතැම් හිස්තැන්
කාලයත් සමඟම පිරෙනා අතර
ඇතැම් හිස්තැන්
 ජීවිත කාලයම ගෙවුනද
සම්පුර්ණ කළ නොහැක...

ලියෝන් ඩයරි එකේ එහෙම ලියලා වහලා දාල පැත්තකින් තිබ්බා. පොතක් කියවන්න තරම් හොඳ මානසිකත්වයක් තිබුනේ නැති නිසා ගිටාර් එක අරගෙන සින්දුවක් කියන්න ගත්තා. 

''මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ''

නිදාගෙන හිටපු බෙලාත් නැගිටලා ඇවිල්ලා ලියෝන්ගේ කකුල් දෙක ගාවට ආවා. ඇත්තටම සත්තුන්ටත් තේරෙනවා තමන්ගේ අයිතිකාරයා දුකෙන් ඉද්දි. මිනිස්සුන්ට වඩා හොදට සුරතල් සත්තුන්ට පුළුවන් මනුස්සයෙක්ගේ දුකක් සතුටක් තේරුම් ගන්න . ලියෝන් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ කියලා තේරිලාම බෙලා පුරු පුරු ගාන ගමන් කකුල්වල දැවටෙන්න ගත්තා. සින්දුවේම ඇලිලා හිටපු ලියෝන්ටත් හිනාවක් ගියා බෙලාගේ මේ හැසිරීමත් එක්ක.

''නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා''

ලියෝන් එයාගේ නමක් නොදන්න හැඟීම් හැම එකක්ම වචන එක්ක මිශ්‍ර කරලා කිව්වා. කව්රු හරි අහන් හිටියා නම්, අහන ඉන්න කෙනාට හැම වචනයක් ගානෙම තේරුම දැනේවි. මෙතන කියන්නම ඕනේ.. ලියෝන්ට තිබුණෙත් ඕනෙම හිතක් නිවන්න පුළුවන් විදියේ කටහඩක්. එයාගේ කටහඩ මාර පැහැදිලි. 

 ''ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා''

ලියෝන්ගේ ෆෝන් එක වයිබ්‍රෙට් දාලා තිබුණ නිසා රින්ග්ස් ගිහිල්ලා කට් වුනා. ලියොන් තාමත් සින්දුවේම ගිලිලා.ලියෝන්ගේ ෆෝන් එක වයිබ්‍රෙට් දාලා තිබුණ නිසා රින්ග්ස් ගිහිල්ලා කට් වුනා. ලියොන් තාමත් සින්දුවේම ගිලිලා. ඇස් දෙකත් පියාගෙනම හිටපු නිසා රින්ග්ස් ගියා දැක්කේ නැහැ. ආයෙත් පාරක් කෝල් එක එද්දී ලියෝන් අහම්බෙන් වගේ ඇස් ඇරලා තිබුණේ. ඉක්මනට ගිටාර් එක පැත්තකින් තියලා ලියෝන් කෝල් එක ආන්ස්වර් කළා. 

Unbroken Melody  | නොබිඳුණු තනුව | ✓Where stories live. Discover now