20 ♡

142 23 29
                                    

'' කෝ වටේ ඕප දූප හොයන්නැතුව ගණන් ටික හදනවා. ''

එළියේ හිටපු කුරුල්ලෝ බල බල හිටපු තිහස්ගේ ඔලුවට සදීශ පෑනෙන් ගැහුවා. 

'' ආව්ව් අප්පා.. ''

තිහස් ඔලුව අත ගා ගත්තා. කලින්ට වඩා සදීශ තිහස් එක්ක කතා බහ කරන්න ගත්තා. ඒත් තිහස් කතා කරන්න ගොඩක් ලැජ්ජා වුනා. ටිකෙන් ටික ලියෝන් සදීශ යුනිවර්සිටි යන්න ලං වුනා.. ඒ වගේම විහස්න තිහස්ගේ විභාගෙටත් ලං වෙනවා. ගොඩක් වෙලාවට තිහස් විහස්න හිටියේ ලියෝන්ලාගේ ගෙදර. විහස්න ටික දවසක් තිස්සේ ඉඳන්ම ලියෝන්ගේ ඇස් මග අරින්න හදනවා. ඒ වගේම ලියෝන්ගේ වැඩේ කොයි වෙලාවෙත් විහස්නගේ ඇස් අල්ලගන්න බලන එක. 

'' මම වතුර බිලා එන්නම්.. ''

විහස්න කුස්සියට ගියා. ලියෝන් ඒ පස්සෙන්ම කුස්සියට ගියා. කුස්සියේ දොර ගාවට වෙලා විහස්න දිහා බලාගෙන හිටියා. විහස්න ටැප් එකෙන් වතුර පුරවගෙනම ෆ්‍රිජ් එකෙන් ice cubes ගන්න දොර ඇරියා. ice cube එකක් කටේ දාගෙනම ටිකක් කෝප්පෙට දාගත්තා. පිටිපස්ස හැරෙන කොටම හිටියේ ලියෝන්. 

'' අ~අයියේ..'' 

ලියෝන් විහස්න දිහාවට බර වෙද්දී විහස්න ෆ්‍රිජ් එකට හේත්තු වුනා. ෆ්‍රිජ් ඒකෙ දොරත් ඇරලා තිබුනේ. විහස්නගේ පස්ස කූල් වෙලා යනවා තේරුනා. ලියෝන්ගේ හුස්ම විහස්නගේ මූණේම ගෑවෙනවා. ලියෝන්ගේ හුස්ම උණුසුම්. ලියෝන් කෙලින්ම විහස්නගේ දුඹුරු ඇස් දිහා බලාගෙන හිටියා. විහස්නගේ පිට හරහා කරන්ට් එකක් යනවා වගේ දැනුනා. ඒ වගේම එයාගේ බඩෙත් අමුතු අමුතු දේවල් වෙන්න අරගෙන. ෆ්‍රිජ් එකේ කූල් එක නිසාම කකුල් ගල් වෙලා තිබුනේ.. ලියෝන් තව ටිකක් විහස්නගේ මූණට එබුනා. ඒත් එක්කම විහස්න ඇස් පියා ගත්තා.

විහස්න ඇස් තදකරගෙන හිටපු විදියට ලියෝන්ට හිනා ගියා. විහස්න ඇස් පියාගෙන ඉද්දි කම්මුල් පිම්බිලා හුරතල් පාටයි.. ලියෝන් තත්පර කිහිපයක් බලාගෙන ඉඳලා එහාට වුනා. ලියෝන් එහාට වුනත් විහස්න ඇස් වහගෙනම හිටියා. ලියෝන් වතුර බොන්න ටැප් එක ඇරපු සද්දෙට විහස්න ඇස් ඇරියා. විහස්නත් කලබලෙන්ම ඉස්සරහට දුවගෙන ගියා. ලියෝන් හිනා වෙවිම බලාගෙන හිටියා. 



Unbroken Melody  | නොබිඳුණු තනුව | ✓Where stories live. Discover now