'' ඊලග සතියේ මේ වෙනකොට ඔයා exam hall එකේ.. ''
ලියෝන් හිටියේ විහස්න එක්ක කාමරේ .. කාලය ඉක්මනට ගෙවෙනවා.. ලියෝන්ට විහාස්නගේ පොඩි කාලේ ගැන කිසිම දෙයක් හොයාගන්න පුළුවන් වුනේ නැහැ.. එයාට අන්තිමේට හිතුනේ එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා බලනවා කියලා.. ඒත් හේතුවක් නැතිව එහෙම අහන්නත් බැහැ...
'' ඔයා මට තාම කොන්සර්ට් එකේ ප්ලේ කරන්න ඉන්න අයිටම් එක පෙන්නුවේ නැහැනේ.. ''
'' ඒක ඔයා එදාටම බලන්න ඕනේ... ''
'' හාකෝ.. ''
ලියෝන් ඇඳෙන් නැගිටලා එයාගේ ටේබල් එක ගාවට ගියා... විහස්නත් ලියෝන්ගේ පිටිපස්සෙන්ම නැගිටලා ගියා.. ලියෝන් ලාච්චුව ඇරලා විහස්නට දෙන්න අරන් තියපු දෙයක් හෙව්වා.. ඒත් ඒ හොයද්දි දෙකට තුනට නවපු කොලයක් බිමට වැටුනා.. විහස්න ඒක ඇහිඳ ගත්තා..
'' වාව්.. ඒක ලස්සනයි නේ... අයියද ඇන්දේ.. ?? ''
කොලේ මොකද්ද කියලා බලන්න ලියෝනුත් කොලේ බැලුවා..
'' ඒක මට හම්බ වුන තෑග්ගක්.. හිටපු වටිනම කෙනෙක්ගෙන්.. මම හිතනවා එයාව මට අන්තිම පාරට හරි හම්බ වෙන්න පුළුවන් වේවි කියලා.. එයා මට ලස්සන මතකයන් දුන්නට මට එයා වෙනුවෙන් ඒ තරම් ලස්සන දේවල් එකතු කරලා දෙන්න බැරි වුනා.. මට.. මට එකම එක වතාවක් හරි හම්බ වෙලා සමාව ගන්න ඕනේ.. ''
විහස්න ලියෝන්ව පිටිපස්සෙන් බදාගත්තා..
'' ඔයා හිතුවේ නැති වුනාට එයාගේ ජීවිතේට හම්බ වුන ලස්සනම මතකයන් ඔයා වෙන්න ඇති.. ඒ වගේම එයා දැනටමත් ඔයාට සමාව දීලා ඇති.. ඔයාම නේද මට කිව්වේ.. පරණ මතකයන් අස්සේ හිර වෙලා හිටියොත් අපිට් මේ මොහොත විඳින්න බැරි වේවි කියලා.. ''
විහස්නගේ අතේ තවමත් ඒ කොලය තිබුනා... ඒ කොලේ තිබුනේ අන්තිම වතාවට ලියෝන් ලිලීව හම්බ වුන වෙලාවේ දුන්න කොලය.. ඒකෙ තිබුනේ චිත්රයක්.. ලියෝන්ට ඕක බලන්නම ගොඩක් කාලයක් ගියා.. එයාට ඒක ඇරලා බලන්නවත් හයියක් තිබුනේ නැහැ.. ඒක නිසා එයා අරන් තියලා තිබුනා.. ටික කාලයක් ගියාට පස්සේ එයා එක බැලුවා.. ඒ චිත්රය දැකලා ලියෝන් ගොඩක් දුක් වුනා.. එකේ තිබුනේ එක පුංචි ළමයෙක් වයලින් ප්ලේ කරනවා.. අනිත් කෙනා අතේ චිත්ර පොතකුත් තියාගෙන වයලින් ප්ලේ කරන ළමයා දිහා බලාගෙන ඉන්නවා.. ලියෝන් දැන් මතක් කරනවාටත් අකමැති.. වෙන මුකුත් නිසා නෙමෙයි එයාගේ පරණ තුවාල ආයේ ආයේ පෑරෙන නිසා..
YOU ARE READING
Unbroken Melody | නොබිඳුණු තනුව | ✓
Non-Fictionසප්ත ස්වරයන් අතරේම ඉපදී ජීවත් වී වෙන් වීමටත් මෙන්ම, නැවත එක්විමටත් සමත් වූ තත් අතරින් මැවුණු සංගීතයත් සමගම මුසුව ගලා යන්නා වූ ඔවුන්ගේ ආදර කතාවයි... ♡ Start date - 2024/05/17 End date - 2024/07/09