18 ♡

84 18 14
                                    

'' කන්න හදන්න නැගිටිනවකෝ. ''

හොඳට නිදාගෙන හිටපු ලියෝන්ට තට්ටු දදා කෙනෙක් කෑගහුවා. ඉර එළියත් මූණටම වැටෙන නිසා රෙද්ද ඔලුවේ ඉඳන්ම පෙරවගත්තා. නිදිමත වැඩි නිසාම කව්ද හිටියේ කියල බලන්නවත් සිහියක් ලියෝන්ට තිබ්බේ නැහැ. හදිස්සියේම එහා පැත්තේ හිටපු කෙනත් නටල නටලම ලියෝන්ගේ මූණේ ඉඳන් පෙරවන් හිටපු රෙද්ද පහත් වුනා. ඉන්න කෙනාව දැකලා ලියෝන්ට කෑගැස්සුනා. ලියෝන්ගේ කෑගැහිල්ලට එහා පැත්තේ හිටපු කෙනාටත් කෑගැහුනා. ලියෝන් කලබලෙත් එක්කම හිටපු එක්කෙනාව ඇඳෙන් බිමට තල්ලු කරලා දැම්මා.

'' ආව් ඕයි.. ගෙදරට ආපු මිනිස්සුන්ට මෙහෙමද සලකන්නේ.. ''

සදීශ කොන්දත් අත ගගාම නැගිට්ටා. ලියෝන්ගේ නින්දේ තදටම කලින් දවසේ වෙච්ච දේවල් මතක් වෙන්න වෙලා ගියා. වෙනදට තනියෙන් ඉන්න එයාට අද යාලුවත් ගෙදර කියලා අමතක වුනා. කලින් දවසේ රෑ වෙනකල්ම ලියෝන්ගේ කතාව අහන් හිටපු නිසා දෙන්නටම දන්නේ නැතුවම නින්ද ගිහින් තිබුණා. එයාගේ හිතට කලින්ට වඩා පොඩි සහනයක් දැනුනා. 

දෙයක් තනියම හිතේ හිර කරන් ඉන්නවට වඩා කාත් එක්ක හරි ඒ ගැන කතා කරන එකෙන් සහනයක් දැනෙනවා. කිසිම විනිශ්චයක් නැතුවම ඒ කියන කතා අහන් ඉන්න ලැබෙනවා කියන්නෙම ලොකු දෙයක්. ඒ දේවල්වලට තනියම විසදුම් හොයන්න යනවට වඩා තවත් කෙනෙක් එක්ක ඒ දේවල් ගැන කතා කරලා තීරණය කරද්දී වෙනසක් වේවි. ඒත් මේ හැමදෙයක්ම හොදින් වෙන්නේ ඇහුම්කන් දෙන එක්කෙනාත් හොද කෙනෙක් වුනොත් විතරයි. ඒ කෙනත් වැරදි උපදෙස් දුන්නොත් හැමදේම අවුල් වෙන්න පුළුවන්. 

සමහරක්විට තවත් අයට දේවල් හිතේ දේවල් තියාගෙන ඉන්න එක ලේසි වෙන්න පුළුවන්. ඒ අය හිතන්නේ ඒ දේවල්වලින් අනිත් කෙනාටත් කරදරයක් වේවි කියලා. ඒත් එයාලටත් වෙලාවක් එනවා දේවල් කාත් එක්කමහරි කියන්න ඕනේ වෙන. කොහොම ගත්තත් හැමකෙනෙක්ටම විනිශ්චයකින් තොරවම අහගෙන ඉන්න හොද අහුම්කන්දෙන්නෙක් ඕනේ.

'' මට බැහැ දැන්ම නැගිටින්න අනේ.. මට නිදිමතයි.. ඔයා ගිහින් මටත් එක්කම කන්න හදන්න.. ''

ලියෝන් ආයෙත් වතාවක් මූණේ ඉඳන්ම රෙද්ද පෙරවාගෙන නිදාගත්තා. සදීශ ලියෝන්ගේ පස්සට පාරක් ගැහුවා. ලියෝන් දැන්ම නැගිටින්නේ නැති නිසා සදීශ කොන්දත් අල්ලගෙනම කන්න මොනවා හරි හදන්න පල්ලෙහාට ගියා. දැන් වෙලාව දවල් 1ටත් කිට්ටුයි. එත් ලියෝන් නැගිටලා නැහැ. සදීශ කෑම හදලා ඉවර වෙලාම ලියෝන්ව නැගිට්ටෙව්වා. 

Unbroken Melody  | නොබිඳුණු තනුව | ✓Where stories live. Discover now