24 ♡

145 25 15
                                    

ලියෝන්ගේ කබඩ් එක දවස ගානේ පුංචි පුංචි කොළවලින් පිරෙනවා. වෙන කාගේවත් නෙමෙයි විහස්න දෙන ඒවාගෙන්. විහස්න කොයි වෙලාවකවත් ඒවා අතට ගෙනල්ලා දෙන්නේ නැහැ. එයා ලියෝන්ට හම්බවෙන්න කොහෙන්හරි තියලා යන එක කරන්නේ.

'' මේ පාඩම් කරන එක කම්මැලි අනේ.. '' 

'' අනේ මෝඩයෝ... තව ටික කාලයයි exam එකට පැහෙන්නේ නැතුව ඉන්න.. අපි වගේ university යන්න බැරි වෙයි හොදේ.. '' 

සුපුරුදු විදියටම සදීශ තිහස්ගේ ඔලුවට පෑනෙන් එකක් දුන්නා.. තිහස් රැව්වා.. 

'' හයියෝ උබලා දෙන්නගේ රැවිලි ගෙරවිලි කවදා ඉවර වෙයිද මන්දා.. ''  

ලියෝන් ඔලුවෙත් අත ගහගෙනම කිව්වා. එකපාරටම තිහස් සදීශගේ ඇඟ උඩට පැනලා බිම පෙරලා ගත්තා.  

'' ආආආ ඉන්නවකෝ මන් අද තවුසෙගේ ඔලුව හිල් කරන්න. මේක පුදුම කෙලියක් උනානේ.. ''

සදීශට පැනලා දුවන්නවත් වෙලාවක් තිබුනේ නැහැ. තිහස් සදීශගේ ඇඟ උඩ නැගගෙන ගෙන කොන්ඩේ ගලවලා දාන්න හදනවා. විහස්නත් තියෙන පොත වහලා දාල මේ දෙන්නගේ හිසකෙස් ගැලවීමේ සෙල්ලම බලන්න. 

'' ආආආ අතෑරපාආආන්..''

'' අද යන්න දෙන්නේ නැහැ... මගේ ඔලුව හිල් කරනවට කොන්ඩෙම ගලවලා දාල තමා මන් නැගිටින්නේ.. ''

ලියෝනුයි විහස්නයි හිනාවෙවී හිටියා. 

'' කැමති වෙලාවක නැගිටලා එන්න එහෙනම්.. '' 

ලියෝන් එයාගේ මිනි library එක ගාවට ගියා. ලියෝන් පොත් තෝර තෝර හිටියා.. ලියෝන්ට පිටිපස්සෙන් හීමිට ඇවිල්ලා හිටගත්තේ විහස්න. ලියෝන්ට තේරුනේ නැහැ කව්රුහරි පිටිපස්සෙන් ඉන්නවා කියලා. ලියෝන් පොත තෝරන් මේ පැත්ත හැරෙද්දීම හිටියේ විහස්න. 

'' බුහ්.. '' 

විහස්න ලියෝන්ව බය කළා.

'' ආආ.. මන් බයත් වුනා. ''  

ලියෝන් පොතත් පපුවේ තියාගත්තා.. ලියෝන් එහෙම්මම විහස්නගේ ඉනෙන් අල්ලලා බුක් ශේල්ෆ් එකට හේත්තු කළා. ඒක වේගවත්. විහස්නටත් හිතාගන්න බැරි වුනා මොකද්ද වුනේ කියලා. විහස්නලා හිටපු තැන සදීශලාට පෙන්නේ නැහැ. සද්දේ හැටියට ඒ දෙන්නා තාමත් රණ්ඩු වෙනවා. 

Unbroken Melody  | නොබිඳුණු තනුව | ✓Where stories live. Discover now