26 ♡

135 24 16
                                    

එයාල එහෙම්මම ගියේ බීච් එකට..

දැන් හවස 6ට කිට්ටු කරලා.. ඉර බැහැගෙන යන වෙලාව.. තැඹිලි පාට අහසේ රතු පාටින් ඉර ගිලෙනවා.. ටිකක් දුකත් හිතෙනවා... ඈතින්ම සුදුපාටට හඳත් ඉන්නවා... අහසේ තැනින් තැන එක එක පාට හරියට පොඩි ළමයෙක් පැස්ටල්වලින් එක එක පාටවලින් ඇඳලා වගේ.. මිනිස්සු වෙනදට වඩා ටිකක් විතර අඩුයි.. මුහුදු හුළඟ සැරටම එනවා.. හතර දෙනාම ගිහින් තිබුන ගල්පඩියක් ගාවින් ඉඳගත්තා.. දැනටමත් මුළු අහසම දම්පාටට හුරු රතු පාටක්.. නිල් පාට වගේ.. ආයෙත් වතාවක් සදීශ තිහස්ගේ කොන්ඩෙන් අවුස්සලා ලියෝන්ට පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා ගියා.. තිහස් ඔලුව හරව හරව බැලුවා සදීශ කොහෙද ගියේ කියලා.. කම්මැලිකම නිසාම විහස්න මුහුද ගාවට ගිහින් බලාගෙන හිටියා.. විහස්න ඇස් බෝල කර කරම බලනවා.. විහස්නගේ පුංචි දෙයක් පවා ලියෝන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා..

'' ඉස්සෝ වඩේ කමුද.. ''

ලියෝන් ඇහුවා.. විහස්න ඔලුව වැනුවා.. ඒත් තිහස් කල්පනා කරනවා..

'' කෝ සදීශ අයියා.. ''

'' දන්නේ නැහැ එයා ටිකකින් ඒවිනෙ... අපි එයාටත් එක්ක අරගෙන තියාගමු.. ''

තිහස් ඔලුව වනුවම ලියෝන් ගිහින් අරගෙන ආවා.. තුන්දෙනත් එක්කම කාලා සදීශට ඉතුරු කළා.. ඒක තියාගත්තේ තිහස්ගේ අතේ..

දැන් නම් සම්පුර්ණයෙන් කළුවර වෙලා.. සදීශ විනාඩි පහළොවකට විතර පස්සේ ආවා.. නිකන් නෙමෙයි කේක් එකක් අතේ තියාගෙන... තිහස් තාම දැක්කේ නැති වුනාට ලියෝන් දැක්කා. ලියෝනුත් දැක්කම එක පාරට පුදුම වුනා.. ලියෝන් හිමිට විහස්නටත් කිව්වා. තිහස් මුහුද දිහා බලාගෙනම කල්පනා කර කර හිටියේ. ලියෝනුයි විහස්නයි නැගිටලා සදීශ ගාවට ගියා.. ටිකකට පස්සේ තිහස් බැලුවා ළඟ හිටිය දෙන්නා කෝ කියලා ඒත් එක්කම තිහස් පිටිපස්ස බැලුවා...

'' Happy Birthday my little cute pie.. ''

වටේම කළුවරයි.. ඈතින් පත්තුවෙන ලයිට්ස් නිසා පොඩි එළියක් ලැබිලා තිබුනා. ඒ වගේමයි කේක් එකේ තිබුණ candles නිසා තවත් එළියක් තිබුනා.. සදීශගේ ඇස් දිලිසෙනවා.. තිහස් හිටපු තැනම ගල් වෙලා.. එයාට තවමත් දේවල් හිතාගන්න බැරුව හිටියේ... එයාට යාළුවො එක්ක එන්ජෝයි කරලා එන්න ඕනේ වුනාට මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ.. ඒ කේක් එක chocolate කේක් එකක්.. වටේට පීනට්ස්.. තිහස් ආසම විදිය.. තැනින් තැන chocolates දාලත් තිබුනා. කේක් එක මැද තිබුණ candles වගේම සදීශගේ ඇස් දිලිසෙනවා..

Unbroken Melody  | නොබිඳුණු තනුව | ✓Where stories live. Discover now