chapter 19

495 75 50
                                    

පලවෙනි බෝලේ ඩොඩ් එකක්. දෙවෙනි එකට එක ලකුණයි. තුන්වෙනි එක ඩොඩ්. හතරවෙනි එකට හතරයි. ඊලග එක ඩොඩ් හරිම උදාරයි. අපි මැච් එක දිනලා ඉවරයි. ඒත් ගැම්මට ඉවර කරන්න අන්තිම බෝලේ දැම්මා තමා බෝලේ උඩගියා වැඩිවුනා. මායි අරූඅයියයි හිටියේ mid on  එකෙයි mid off එකෙයි කොහොමත් ඒ ගිය යෑමට බෝලේ එන්නේ අපි දෙන්නා මැදට කියලා තේරුනා. බෝලේ බිම වැටෙන්න කලින් අල්ලගන්න එපැයි. මන් දිව්වා ......

මන් දිව්වා විතරක් නෙවේ බලන් යද්දි අරූ අයියත් දුවගෙන ඇවිල්ලා. බෝලෙත් අපි දෙන්නා මැදට පියාබලා ආවා. මගේ අතේ බොලේ ගෑවුනා මතකයි.

දඩස්..........

" ඉවරයි "

" ohh... no.... gangsters....  they miss the cach.... but super over .... super spell Roki.......

what a dream start ! finally .... the kanpur gangsters ...... they win the debet mach of the tata ipl 20##.... Congratulations boys.... congratulations gangsters "

වැටුනා නේද යකූ...... හම්මේහ් .... කිරි අම්මේහ් පුතා උදාරෙන්ම භූමි වන්දනා කරනේ.... ම්හුක් මේකගේ බර... එහාට පලයන්කෝ අයියේ. සැක් අවසාන කැච් එක. මිස් උනානේ. කොහෙද අපි දෙන්නා හැප්පිලා ඒ සද්දෙට බෝලේ බයවෙලා අපිත් එක්කම බෝලෙත් බිම පත බෑවුනානේ.. හරිම කුජීතයි රංජනීඊඊඊඊඊ . ඒ උනාට මට හිනා යනවා යකූ. අපි දෙන්නා වැටිලා ඉන්න විදිහ.

මැච් එක ඉවරයි. විස්තර විචාරය කරන රසල් පරපුරේ ඉන්දියන් ඩෑල් එක පනදාගෙන මයික් එක උඩ නැගලා බෙරිහන් දෙද්දි අපේ උන්ට කැච් එක බෑව එකත් අමතකයි මංගල දිනුමේ සතුට සමරනවා හෝ ගාලා. ඒත් අපි දෙන්නා තාම බිම සාන්තයියේ. කාටවත් ගානක් නෑ කියන්න ගියේ. ඒත් කොහෙද...

මහ කැත තාලෙට හිනාවෙවී කල්පයියායි ප්‍රිත්වි අයියයි ජෝඩුවම අවේ නැතෑ භූමි වන්දනා කරලා ඉන්න උදාර දරුවෝ දෙන්නට අත දෙන්න. එත් හිනා යකෝ... ගුලි කාලා වගේ අරූ අයියා හිනාවෙනවා. උටම හරියන්න කල්පයියත් හිනාවෙනවා. මොකද අපි දෙන්නා වැටිලා ඉන්න විදිහ එච්චරටම දාර්ශනීයයිනේ.....

මන් බෝලෙ අල්ලන්න උඩ බලගෙන එනකොට අරූ අයියත් උඩබලාගෙනම ඇවිල්ල හැප්පුනේ නැද්ද. මන් බෝලේ වැටෙන්නේ නැති වෙන්න ට්‍රයි කරා අර යකා මන් වැටෙන එක නවත්තන්න ට්‍රය් කරා. අන්තිමට කෙයාරින් වැඩිවෙලා මාවත් බදාගෙන බිම පත බෑනුනා. සැක් කැතැයි ලැජ්ජයි යකෝ.

hat Trick Where stories live. Discover now