" පොඩි පුතා මොකද කිව්වේ අද හොස්පිටල් එකෙන්..."
" කොල්ලෙක් ඉන්නේ කිව්වා... හොදයි කිවා. තව ටික දවසකින් එයා දගලන්න ගයි කිව්වා..."
" අනේ වාසනාවක් .... සිතුම් පුතේ මගෙ කොල්ලටත් දැන් කාලේ හාරි දෙවනියෙක් ගැන හිතන්න..."
" අපි මල්ලිගේ පැටියා ලැබුනට පස්සේ බලමු අම්මා..අනික පොඩ්ඩා තවම චුටිනේ..අවුරුදු තුනක් විතර වුනාම නංගි බබෙක් ගේමු.... "
" සිතු පුතේ... මොකුත් හිතන්න එපා රත්තරන් ..මේ අම්මා ඔයාටත් ආදරෙයි ගොඩක් ...ඒකේ වෙනසක් නෑ දරුවෝ...ඔයාගේ හිත රිදෙනවා නම් අපිට...සම..."
" අනේ අම්මා මේ... විකාරද.... මගේ අම්මා අප්පා මාව එපා කියපු වෙලාවේ මගෙ දරුවා නැති කරන්න හදපු වෙලාවේ මන් වෙනුවෙන් හිටියේ ඔයාලා... ඔයාලා මන් ගැන මොකුත්ම හිතන්නේ නැතුව මට කැමති වුනා..අපෙ පැටියට මේ ලොකේ බලන්න ඉඩ දුන්නා...මම තව මොනවා කියලා බලාපොරොත්තු වෙන්නද අම්මා... ඔයාගේ ආදරෙයි මට හයියක් වුනේ..ඉතින් කොහොමද මම වැරදි විදිහට දකින්නේ...සමාව ගන්න එපා..ඔයාලා එහෙම මොකුත් කරේ නෑ මගෙ හිත රිදෙන්න..."
ඒ මගෙ සිතු අයියා... මම ගිහින් එයාට තුරුල් වුනා..අපෙ ලොකු අයියා මන් දිහා හරි අමුතු විදිහට බලන් ඉන්නවා ඒ ඇයි දන්නේ නෑ...මුටත් මගෙ මිනිහට වගේ ඊරිසියාව ගැහුවද දන්නේ නෑ...
" ඇයි...ඔහොම බලන්නේ..."
' නෑ ..මේ මගෙ චුටි මල්ලිද කියලා බැලුවේ..."
" ඇයි ඔයාට මාව මොකෙක් වගෙද පෙන්නේ..."
" පරණ...අබලන් බොණික්කෙක් වගේ..ඇයි..."
" පලයන් අයියා යන්න... බලන්නකෝ ගෞ...මෙයා හොද නෑ අනී...."
" ඒ මෝඩයා... ඔහොම දගලන්න එපා..අනේ තෝනම් හදන්න බෑ...ගහපන් බන් මල්ලි මේ මෝඩයාට...තව පොඩ්ඩෙන් වැටෙනවා..."
" හලි ඉතින් බයින් නේපා ...වැතුන් නෑනේ..."
" වැතුන් නෑ ...හුරතලේ නම් තියෙනවා...කෑවානම් පලයන් කාමරේට නටවන්නේ නැතුව...."
ඇත්තටම මම මගෙ දැගලිල්ල නිසා වැටෙන්න යනකොට ගෞ මාව අල්ල ගත්තේ නැත්තම් මම වැටෙනවා...මම ඒ වෙලාවේ බය වුනා...මම වැටෙයි කිය්ලා නෙවෙයි .මගෙ ගෞ මට වරපු රැවිල්ලට... එයා මිට කලින් කවදාවත් එහෙම මන් දිහා බලලා නෑ...
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."