" යකෝ මේක මාර වැඩක් වුනානේ දැන්... මේ නුවී .... මම මේ අවසාන පාරට කියන්නේ.... ඒ ඔහෙත් අහා ගන්නවා මහා ලොකු පුතන්ඩියා.... මේ ඉන්න කෙනා...ඒ කියන්නේ තමුසේ නුවී... මැරෙනකන් උබ මගේ... ඇහුනද... පුතු...අපෙක්ෂා කියන ගැනි මට අදාළ නෑ... ඉතින් දෙන්නම විකාර මනස්ගාත හිතන්නේ නැතුව පාඩුවේ ඉන්නවා....
අනික තමා...මගෙ අහවල් එක කපුවොත් තමුසෙට තමා පාඩුව නුවී.... අපෙක්ෂාට නෙවෙයි .... "
යකෝ ගෞ...පුතා ඉන්නවා මෙතන ......
" ඒ කතාව එක අතකට ඇත්ත අම්මී.... අප්පච්චි විහිලු නෙවෙයි ... ඔයාගෙයි අපෙක්ෂා ආන්ටි අතර තියෙන අතිතකතාව ඒ තරම් හොද එකක් නෙවෙයි නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න... අම්මිට බය වෙන්න දෙයක් නැ.අම්මී බලා ගන්න මම ඉන්නවා....."
" හ්ම්....හාකෝ.... මේ ඒක නෙවෙයි පුතා... තමුසෙගෙයි අර භවන්ත ළමයිට අතර තියෙන තරහා මොකක්ද ඊයෙත් දෙන්නා ගහා ගන්න ගියාලු නේද.... "
"මොන හේතුවටද මන්දා අප්පච්චි මට ඒ යකාව පෙන්න බෑ..."
" ඇයි ඒ...."
" ඌ අම්මී වගේ... මට ඉරිසියයි වූ එක්ක....මන් මාව පාලනය කර ගන්නම්..."
" හ්ම් ගූඩ්...."
හ්ම්..ඔව්..මොන්ඩිසෝරි කාලේ ඉදලම අපෙ පුතු ඔය භවන්ත කියන දරුවා එක්ක වලි... සතියකට සැරයක් ගෙදරින් යන්න ඕන ඉස්කෝලේට ... ඒ දෙමාපියොත් එන්න ඕනා...ඇයි ඉස්කෝලේන් අස් කරන්නේ නැත්තේ කියන එක නම් ප්රශ්නේ එහෙම කරන්න බෑ...දෙන්නම හයි කොලිටි අති දක්ෂ දෙන්නෙක්....
අපේ පුතු වොලිබෝල් ටිම් කැප්ටන් වෙනකොට ඒ දරුවා ෆුට් බෝල් ටිම් ලීඩර්...අපෙ පුතු හෙට් ප්රිෆෙට් වෙනකොට ඒ දරුවා උප.... හැබැයි දෙන්නා නයයි මුගටියයි වගේ... ආ ඒ දරුවා ඩිබෙට් ටිම් එකේ කැප්ටන්...අපේ පුතු මිඩියා ටිම් එකේ කැප්ටන් .... මේවා කවදා ඉවර වෙන දෙවල්ද කියන්න බෑ......
"මම ගිහින් එන්නම්... නොමිනේශන් බාර දුන්න එකේ පොඩ්ඩක් වැඩ වැඩී... පුතු එනවා නේද අප්පච්චි එක්ක "
" හ්ම්..අනිවා... "
"ගුඩ් බෝයි... කොයි නංගි...."
"හ්ම්...සිතු මාමා එක්ක එහේ ගියා...."
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."