" කෝ එහාට වෙන්න... මෙතන අස්සේ රින්ගන් ඉන්නවා.... "
" යකෝ... මම තමුසේගේ අස්සෙ රිංගන්නේ නැතුව කාගේ අස්සේ රිංගන් ඉන්නද...ආ... නුවී... දැන් ගානට වැඩි හරිද......"
" ඒක ඉතින් මම දන්නේනෑ...හ්ම්ක්..."
" පොඩ්ඩක් හිටපන් , මොකක්ද ඒ පාර වුනේ... ඇයි පුප්පන්නේ ආ...."
"නිකන්...."
" නුවී... බබා... හිමින් කාපන්..මම ඔක ඉල්ලන් කන්න එන්නේ නෑ..."
" දෙන්නෙත් නෑ...වෙන අය දෙයිනේ..."
" හා... මම කාගෙන් ද්මොනවද ඉල්ල ගත්තේ ආ...මට කියන්න දැන් ඇයි ඔය පුප්පන්නේ....හ්ම්..."
' කවුද අර හිනා වුන තේ උඩිච්චී ආ.... දත් කුට්ටමත් එලියේ දාගෙන ... මම හිතන්නේ දත් 30 ම පෙනුනද කොහෙදෝ..."
" මනුස්ස කමට හිනා වුනේ බන්... අනික මට දත් තිස් දෙකක් තියෙනවා..."
" අනේ පලයන් අයියා යන්න... තියෙනවා තිස් දෙකක්...කටෙනම් තියෙන්නේ තිහයි.. යට තියෙන දෙකත් එක්ක වෙන්න ඇති තිස් දෙක..."
මට කේන්ති අප්පා... කැම්පස් එන වෙලාවෙ කෙල්ලෙක් හිනා වුනා.මනුස්සකමට කියලා හිතුවට .. මේකිම ආයේ හිනාවුනා කියන්නකෝ... අපි කැන්ටින් එකේදි දැකලා.. මගෙ දිහා නිකන් බලන් හිටියෙ එකිගෙ මිනිහා මම බලෙන් ලග තියාගෙන ඉන්නවා වගේ...
අනික ඇත්තටම එයාගෙ කටේ තියෙන්නේ දත් තිහයි.. මම නිකන් ඉන්න වෙලාවට ගණන් කරනවා ...ඒ නිසා මම දන්නවා...හ්ම්ක්
" නුවී... තමුසේ මහා මොකෙක්ද මන්දා..."
" ඇයි මොකෙක් වගෙද පෙන්නේ...ආ.. කියනවා...ඉතින්... ගැණුන්ට හිනා වෙවී.. අර අර පේනවද...ඒකි ආයෙම බලන් ඉන්නවා... මම ඇත්තටම මේ දරුවා අරන් යනවා සීනි ගම ... අබරනවා පොල්..මාව අනාත කරා කියලා...."
" උබ නෙවෙයි මමයි අබරන්නේ පොල්... ඇයි යකෝ..අහිංසක මුහුණක් පෙන්නලා මාව රවට්ට ගත්තා කියලා.... ඔහිම හිටපන් නටන්නේ නැතුව.... "
" මම කොහොමත් අහිංසකයි ... හ්ම්ක්..."
" කිව්වා කියලා හිතේ තියා ගනින්..මේක කැම්පස් එක නිසා හොදයි ...ගෙදරනම් මම කියලා දෙනවා..."
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."