❄️41🔥බෝනස්....

1.3K 84 16
                                    

"නුවී ...මේක බිලා නිදාගන්න...."

" හා...."

" හා කියලා නොබි ඉන්නද හදන්නේ දරුවෝ "

" බය වෙන්න එපා..දරුවා ගැන මම හිතන්වා...ඒ නිසා ඕක බිලා තමා නිදා ගන්නේ... "

මම ඇදෙන් බැහැලා ඇවිත් කිරි එක බිගෙන බිගෙන ගියා....එයා කටත් ඇරන් බලන් ඉන්නවා...

" නුවී...තමුසෙට මොකක්ද වෙලා තියෙන්නේ...මට කියනවා ..."

" එහෙම මොකුත් නෑ...."

" මම මේ හොදින් අහන්නේ නුවී... මට කියනවා..තමුසේ ඔය කරන වැඩවලින් අපෙ දරුවට මොනාහරි වුනොත් ....."

ඉවසන්න හදවත ඉවසන්න... එයා බය දරුවා ගැන විතරයි .... උබව දැන් වටිනේ නෑ උබේ ගෞරව්ට...

" බය වෙන්න එපා...එයාව පරිස්සමෙන් ගෙනත් දෙන්නම්... මම ප්‍රාර්ථනා කරනවා එයා ඔයා වගෙම වෙන්න කියලා..එයාගේ කිසි දෙයක් මගෙ වගෙ වෙන්න එපා... "

මම කදුලු පිරුණු ඇස්වලින් හිනා වුනා...

" නුවී...ඔයා වෙනස්... මට ඇත්ත කියන්න ...ඔයා මොනවද මට හන්ගන්නේ...."

" මොකුත් නෑ...අයියා....මම දෙයක් හොයනවා...හම්බුනොත් මම කියන්නම්.... "

" මොනවද...හොයන්නේ...."

" ඒක කිව්වා කියලා වැඩක් නෑ.. ඔයා නිදා ගන්න..."

" බබා..මම මේ හොදින් අහන්නේ..මට කියනවා..මාරයා අවුස්සන්නේ නැතුව "

" ඔයාට මාව මග ඇරුන තැන..මට ඔයාව මග ඇරුන තැන.අපිට අපිව මග ඇරුන තැන..."

"නුවී...."

" ඇති ඔයා ඇහුවා මම කිව්වා... දැන් ඇති....."

" අහන්න නුවී...එහෙම දෙයක් නෑ...රත්තරන් ..."

" දැන් පරක්කු වැඩි අයියා... අපිට අපිව ගොඩක් මග ඇරිලා... පරණ මට ආයේ එන්න බැරි වෙන්නනම...ඔයාට වටින්නේ දරුවා විතරයි ... ඉතින් බය වෙන්න එපා..මම ව්‍යාව පරිස්සමෙන් බලා ගන්නම් ... ඔයාගේ අතට පරිස්සමෙන් ගෙනත් දෙන්නම්...බය වෙන්න එපා..."

"නුවී...මේ අහන්න බබා...මට එයත් වටිනවා ඔයා ඊට වඩා වටිනවා...."

" හා..."

මම හා කියලා අනිත් පැත්තට හැරිලා ඉදගන්න හදද්දි එයා මාව ආයෙම එයාගේ පැත්තට හරවා ගත්තා ...

Touch my soul ✅Where stories live. Discover now