❄️46❤

1.3K 87 28
                                    

" නුවී එන්න නාවන්න යන්න මැණික "

" අනී...තව ටිකක් ඉන්නම්කෝ"

"බෑ පැටියෝ ඩොක්ටර් කිව්වේ ... අපි ඉක්මනට නාගෙන එමු... අම්මා චුට්ටක් බලන්න..."

" හරි පුතේ..."

වතුර සිතල ඇති අප්පා... අනික තවම උදේ හතවත් වුනේ නෑ... මගෙ මහත්තයා මගෙ ගෞරව් මාව පරිස්සමෙන් එක්කන් ගිහින් මාව නාවලා එක්කන් ආවා... මැහුම් දාපු තැන් බයෙන් බයෙන් හිමිට අත ගලා හාදු තිය තියා මට පින් දෙනවා එයාව තාත්තා කෙනෙක් කරාට...

" නුවී ,අපෙ අප්පච්චිලා ,අම්මලා මේ වගෙම සතුටු වෙන්න ඇති නේද වස්තුව අපි මේ ලෝකෙට ආව වෙලාවේ"

"හ්ම්..ඔ නේද...ගෞ ,බලන්නකෝ සිතු අයියා... "

" අයියා පව් මැණික , නිමල් අංකල් එක්ක ඉද්දි කවදාවත් අයියා සතුටින් හිටියේ නෑ... එත් දැන් එයා..."

" දැන් එයා සතුටින් ඉන්න එකම ඇති අපිට , "

සිතු අයියා අපෙ පැටිය අරන් හුරතල් කරන විදිහට මට දුක හිතුන.මට ඒ පැටියවට එහෙම ලං වෙන්න බැරි වුන ඒ කාලේ..මොකද මම ගෞ නිසා පිස්සෙක් වෙලා හිටපු නිසා..

" ආ අම්මා..."

" ඕ සිතු පුතා "

" මේ පැටියා කවුරු වගෙද කියලා මාඅ බැලුවේ "

" හ්ම්..මට නම් ගෞරව් පුතා වගෙ."

"මට නම් නුවි දරුවා වගෙ.."

" මටනම් මුන් දෙන්නම වගෙ නෙවෙයි මන් වගෙ "

ඔන්න ඉතින් පටන් ගත්තා..ඕකනේ බැරි...

" නෑ නෑ..කවුරුත් වගෙ නෙවෙයි ...

දැන් කියයි මන් වගෙ අරයා වගෙ කියලා..මේ පැටියා ලොකු උනාම අහයි මූ කාගෙද කියලා... ඒ නිසා පෙනුම හොයන්න එපා... ඇයි වගේ..."

" චැක් ඩොක්ටර්ට කියන්න බැරි වුනානේ මුගෙ කට අඩු වෙන්න මොනා හරි කරලා දෙන්න කියලා...චික්"

" අනේ පව් ..ආයේ ආවම මතක් කරලා කියන්න හාද අප්පච්චි "

ඇයි යකු...

" ඇති ඇති... කට්ටියම මගෙ මුණුබුරා දැන් නිදා ගත්තා විතරයි .කොල්ලා ඇහැරවන්න හදන්න එපා... "

Touch my soul ✅Where stories live. Discover now