" රෙහාන් කල්පට ගොඩක් ලගයි වගේ නේ ...... "
ඈ....හ්.. මොකක්ද ඒ ඇහුනේ.... කවුරු හරි හිමීට මුමුණනවා වගේ. කොහේ ඇහෙන්නද කල්පයියා දමාගෙන මගේ බෙල්ලෙන් අල්ලන් මගුලක් කරනවනේ.... අඩේ ඕක නවත්තපන් අයියේ.... උඹේ පරම පිවිතුරු පෙම ගැන අහනවා කියලා හිටපන්කෝ....
" මොකක්ද කැපෝ ඇහුවේ "
" නෑ... නෑ... ඒක මන් නිකන් ඇහුවේ "
අම්මේහ් ඇති යන්තන් අහපු ප්රශ්නේ නිකන් ඇහුවත් ඒකේ වැදගත්ම කොච්චරද කියනවන්ම් දෙයියනේ කියලා මේ යකා මගේ බෙල්ල අත ඇරියා... අම්මපා මන් අය තනියෙන් මැච් බලනවා. විරිත්තන් ඉන්න හැටි සෙටාර් එකම.
" ප්රිත්වි ඇහුවේ රෙහාන් ගැනනේ... මෙහෙ වරකෝ ශානෝ.... කොහෙද යන්නේ බන් "
කල්පයියාට මගේ බෙල්ලෙන් තොර ලොවක් නැද්ද රංජනීඊඊඊඊඊ. ප්රිත්වි අයියගේ ප්රශ්නෙම රිපීට් කරලා උත්තරේ දෙන්නත් ගිහින් ආපහු මගේ බෙල්ලෙන් ඇදලා අරන් කරට අත දාගත්තේ නැතෑ... ආ හරි ශෝක් මාව දැන් මේ බූරු තඩියට මුක්කු ගහන මෙව්වා එකක් වගේ පේනවද දන්නේ නෑ. කමක්නෑ ඉතින් අපේ එකානේ... සුන්දර සිරිබරිණී වල ඉද්දි මගේ අක්මාව වගේ ඉන්නේ පොරනේ.
මොකක්ද ඒ කිව්වේ හරුපේ බලනවද. ඒක එහෙම තමා.. මට අනිව නම් අපෙ අම්මගේ ඉසිවර පුතයි හිකනලයි තමා තමා මගේ හදපලු දෙක.. එතකොට මාපියා දෙන්නා පෙනහලු දෙක . අත්තයි කිරි අම්මයි දෙන්නා වකුගඩු දෙක. කල්පයියා අක්මාව.. ගෙදර යස්සනී ... ඒකිනම් උණ්ඩඩුකපුච්චේ තරම් වත් වටින්නේ නෑ කමක් නෑ ආමාශේ කියලා හිතාගන්නකෝ. එච්චරයි. හරිම උදාරයි නේ...
දැන් ඉතින් කියපන් කල්ප අයියේ ඔබේ උදාර ලව් එක ගැන.... ලව් එක කිව්වට ඒක මෙහෙමයි..
" ම්ම්ම් රෙහානයා නේ.... කෙටියෙන් සරලව කිව්වොත් රෙහාන් මට , අපේ ශානට එයාගේ රුක්ශාල් වගේ තමා. රෙහාන් මට අවුරුද්දක් වැඩිමල්. අපේ ප්රිත්වි බොසාගේ වයස. අපි දෙන්නා එක ස්කෝලෙනේ. බිග් මැච් සෙල්ලන් කරේ එකට. ඒ කාලෙත් එයා ස්කූල් ටීම් එකේ කැප්ටන් මන් කීපර්. අන්ඩර්නයින්ටීන් ගහද්දිත් අපි එකට. ඒ කාලෙත් කප් එක ගත්ත අවුරුද්දේ රෙහාන් තමා කැප්ටන් හිටියේ. නැශනල් ටීම් එකට නම් රෙහාන් මට වඩා අවුරුද්දක් කලින් සිලෙක්ට් උනා. මන් ඊට පස්සේ. එදා ඉදන් ඌයි මායි අමුඩෙයි පු#යි වගේ තමා. හරියට මේ ජෝඩුව වගේම තමා "