chapter 26

490 59 50
                                    

" උඹලා රණ්ඩුවෙනවද යකුනේ "

" ඔව් "
" නෑ "
" ඇයි "

ඒක යකූ මේතන නිකන් ඔව් නෑ බෑ තරගයක් කරනවා වගේනේ. ප්‍රිත්වි අයියා අපි දිහා බලාගෙන ඉන්නවා මොකක්ද යකෝ ඒ උනේ වගේ. ඇයි අනේ පනකඩාගෙන දුවගෙන ඇවිත් රණ්ඩුවෙනවද ඇහුවම එකඑකා එක එක එවා කියනවනේ... රුක්ශාල්ගෙයි අරූ අයියගෙයි සිහිති වලිය දරාගන්න බැරි තැන කල්පයියා නම් හෙනම ආතල් එකේ හිනාවෙවී ඉද්දි මම නෑ කියන ටිකට ගත්ත කටට අරුන් දෙනා ඔව් කිව්වේ නැතෑ. මදිපාඩුවට කල්පයියා ඇයි කියලා අහනකොට ප්‍රිත්වි බොසා අපි සෙට් එක දිහා බලන් හිටියේ හෙනම මාංජමික විදිහට.

" එකක්  කියපල්ලා යකුනේ ....... "

" ගනන් ගන්න එපා කැපෝ මේ මාවයි යුකි අයියවයි බෙදාගන්න බැරුවනේ මේ "

ප්‍රිත්වි අයියගේ මූණ දිහා බලාගෙන කට වහන් ඉන්න බැරි නිසා මන් කිව්වේ අර ජොඩුව තාම මූණෙන් මූණ බලන් පුප්පද්දි. එව්ව් බූරුස්ලා දෙන්නා පොර කුකුල්ලෝ දෙන්නෙක් වගේ. කොයි වෙලා හරි පොරකන්න බලාගෙන රෙඩි පිට ඉන්නේ.

" ඒ මන්දා උඹලාත් ඕක නවත්තහන් දැන්වත්. අතපය දික් කර කර දෙන්නා කියවද්දි ගහගන්න හදනවා වගේ පේන්නේ. ශෙන් කෝච් අහනවා මොකෝ අර කියලා. මන් ඉතින් උඹලගේ පූර්ව ලමාවිය සංවර්ධන වෙලා නෑ ඒකයි ඒ කියලා ආවා "

මන් කියන පවාවට ප්‍රිත්වි අයියා හෝ ගාලා කියවද්දි මායි කල්පයියා යි දෙන්නා තාලෙට ඔලුව වැනුවේ ඒ අවස්තාවේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී ඉදලා. අම්මොහ් අවදානමක් ගන්න ඕන නෑනේ බොරුවට.

" අනේ මේ කැපෝ මගේ නම් ලමාවිය හොදට සංවර්ධනය වෙකා තියෙනේ. මේ අභියගේ මිත්‍ර  පරානේ තමා පටන් ගන්නේ "..

" මන් මොනවද පටන් ගත්තේ "

" ඇති ඇති යකුනේ .  මේ රුක්ශාල් නේ....  මන් හරිනේ...ශාන්ගේ කටේම තියෙනේ ඔයා ගැන තමා. නයිස් ටූ මිට් යූ කොල්ලෝ "

" නයිස්ටු මීට් යූ ටූ... මන් ප්‍රිත්වි අයියගේ ලොකු ෆෑන් කෙනෙක්... අයියා බැට් කරනවා සුපිරියක් "

" another level fan boy... අහන්නත් සතුටුයි කොල්ලො. ඔයත් මරු ආ. මන් දැක්කා එදා මැච් එක. බැටින් වාව්. ලොකු ගමනක් තියනවා කොල්ලට "

hat Trick Where stories live. Discover now