chapter 30

425 57 26
                                    

zhan's pov

අතිශය ප්‍රථම වතාවට අණ්ඩක් කැඩුන එකට සතුටු උනා රංජනීඊඊඊඊඊ ........ ටිකක් රවලා පුප්පලා ගියාට මොකෝ කට්ටිය පුදුම විදිහටනේ මේ දරුවා ගැන වද වෙන්නේ. ප්‍රීතී ..... ප්‍රීතී.... ඒත් කකුල රිදෙනවා යකූ.

අම්මෙහ් කතා කරලා වැඩක් නෑ අද මැච් එක මතක්වෙන මතක්වෙන ගානේ කකුල ආපහු නලියනවා වගේ. පොදුවේ මිස්ටේක් අඩු මැච් එකක් උනත් මොකෝ අවසාන ඕවරේ තනිකරම හාට් ඇටෑක් සිටුවේශන් එකක්. හොදම යාළුවා කියන එකා බැට්මන් කෙනෙක් හින්දා ලැබුන ක්‍රෙඩිට් එකක් විදිහට දෙයියනේ කියලා ජන්මේ බේරන් බැට් කරපු හින්දා මන් ඉතින් අද හදේ හිටියේ හදේ... ඒ උනාට අන්තිමට හද කැලේ මට තරු පේන්න ගත්තා කකුල හින්දා. හතරක් යන එක රකින්න ගිහින් එකපාරක් බඩගෑවා , ඊලග පාර කැච් එකක් අල්ලන්න උඩ පනින්න ගිහින් ශේප් වෙලා තිබුන කකුල ආය ආතල් දෙන්න ගත්තා , අන්තිමට අවසාන ඕවරේ කැච් එක අල්ලලා මැච් එකක් දිනලා බෝනස් එකක් විදිහට කකුලට බැන්ඩේජ් එකක් දාගෙන බකන්හිලාගෙන බලන් ඉන්න වුණා. හරිම උදාරයි.

දෙයියනේ දෙයියනේ ෆස්ට් ටයිම් අයි පී එල් තරගෙක මේ දරුවා තරගේ වීරයා වුණා. ඒත් මේ කෙහෙල්මල් දෛවය හරි කුරිරුයි රංජනීඊඊඊඊඊ. කකුල උස්සන් ට්‍රෝෆි එක ගන්න යන්න බැරිඋනානේ. සැක් මයික්කේ උඩ නැගලා ටෝක් බැක් කරන්න හිටිය මේ දරුවාගෙ අහිංසක මෙව්වා එක කොහේදෝ ගියා. මන් ලෙඩ ඇදේ රෙස්ට් කරනවා කියලා මන් වෙනුවට ප්‍රිත්වි අයියා තමා ට්‍රෝෆි එක අරන් තියෙන්නේ.

අම්මේහ් ඉතින් නේද මැච් එක ඉවර වෙලා හොටෙල් එකට එනකන් මන් හිටියේ ඇගිලි ගැන ගැන. ඇයි යකෝ අම්මගේ ඉසිවර පුතා ඇවිල්ලා දොස්තර පට්ටම ආවේස වෙලා නන්ස්ටොප් කියවන් ගියා අය දෙයියනේ මට පුලුවන් කමක් තිබ්බනම් පැනලා දුවනවා එතනින්. ලොකූ මදිවට තව කැප්ටන්ගේ අයියත් පටන් ගත්තා.. අහෝ නයනී  අන්තිමට ෂෙන් කෝච් මැච් දෙකක් සෙල්ලන් කරන්න එපා කිව්වට පස්සෙ තමා ඒ දෙන්නගේ කියවිල්ල නතර වුණේ.

හැබැයි මෙහෙමයි මට ඇත්තටම අපේ ලොකූ ගැන හීනීයට පුදුම ලව් එකක් හිතුනේ ඒ වෙලාවේ. වෙන මොනවත් නෙවේ හරියට තාත්තෙක් පුතා ගැන හොයලා බලනවා වගේ දැනුනේ. මන් ආසම නැති දෙයක් තමා ලොකූ මන් හින්දා වදවෙනවා දකින එක. ඒත් එයාගේ ආදරේ මට වැඩිපුරම දැනෙන්නෙත් ඒ වෙලාවට. එයා වැඩිපුරම කියවනවා බලන්න ඕන නම් ලේසිම වැඩේ මන් හරි ශාදි හරි අණ්ඩක් කඩාගන්න එක. ආය ඉතින් ඒ කට වහන්න අපේ අම්මා නෙවේ කිරි අම්මා ආව උනත් බෑ. කොටින්ම සක්‍ර දෙයියා පඩුපුල් ආසනෙන් බැහැලා ආවත් පොරටත් අමුර්තේ බොන එකේ ආදීනව කියලා දීලා තමා පස්ස බලන්නේ. එච්චරට උදාරයි ඒ වෙලාවට එයාගේ ක්‍රියාකලාපේ... ආදරේ හිතෙනවා අප්පා. ම්හුක් මගේනේ... එක්කෝ ලොකූට සදා තනිකඩව ඉන්න කියනවා. ලෝබයි අප්පා මේ මනුස්සයව කාට හරි දෙන්න. එතකොට ආදරේ බෙදෙනවනේ. ශාදියා එක්ක බෙදාගන්නේත් පුදුම අමාරුවෙන්.

Hat Trick Donde viven las historias. Descúbrelo ahora