මොහොතින් මොහොත දරාගන්න බැරි තරම් නීරසක් එක් වෙලා ගෙවිලා යන ජීවිතේ ගැන මට දරාගන්න බැරි තරම් අදුරු මූසල බවක් දැනෙනවා.....
ඉස්සර සතුටින් පිරිලා ඉතිරිලා තිබ්බ හිත පුරාම දැන් කිසිම ආලෝකයක් හොයාගන්නවත් නෑ......
මට දැන් ජීවිතේ ගැන අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ..... ඒත් මම නැගිටින්න ඕනේ...... වෙනස් වෙන්න ඕනේ...... අයේමත් හුස්ම අරගෙන ජීවිතේට මූන දෙන්න ඕනේ කියලා මම දන්නවා...... මම වෙනුවෙන් නොවුනත් මම ගැන හොයන බලන වද වෙන මගේ වටපිටාවේ අය වෙනුවෙන් හරි මම නැගිටින්න ඕනේ......
මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම වෙයි කියලා...... ලොකු ලොකු හීන නොතිබුනත් එක අහිංසක හීනයක් හිත ඇතුලේ ගුලිකරගන අහුඋන දෙයක් බඩට දාගෙන සැනසීමෙන් නිදාගත්ත මගේ නින්ද අද මට නැති වෙලා ගිහින්..... බැදීම් කියන්නෙම අමු දුකක්.... මට තේරෙන්නේ නෑ මම කොහොමද මේ මානසික බන්ධනයෙන් ගැලවෙන්නේ කියලා..... ඒත් මම ගැලවෙන්නම ඕනෙ...... නැතිනම් තව ටිකක් කල් යද්දී මට කියලා ජීවිතයක් ඉතුරු වෙන්නේ නැතිවෙයි..... මාව මානසික ලෙඩෙක් වෙයි.....
"ආ..... මේක බීලා ඉදහන්..... "
චනුක් දුන්න කිරි එක අතට ගත්තේ දැන් ඕක එපා කිව්වොත් ඌට මල පනින නිසා...... දැන් දැන් ඌත් මම නිසා මගේ හැසිරීම නිසා මානසික පීඩනයෙන් ඉන්නේ කියලා මට දැනෙනවා...... මම සද්ද නැතිව මග් ඒක අරගෙන පැත්තකින් තිබ්බා.....
"යකෝ..... ඕක බීපන්...... "
"පොඩ්ඩක් නිවෙන්න තිබ්බේ බන්...... "
"පණ යනකම් උයනවා උයනවා...... තුන් වේලම උයලා උයලා වටේම ඉන්න බල්ලන්ට බලුකපුටු දාන දෙනවා...... මොකක්ද යකෝ මේකේ තේරුම....."
මම මුකුත් කියන්නේ නැතව හුස්මක් හෙලුවා..... චනුක් කන්නේත් නෑ මම කන්නේ නැති නිසා..... අන්තිමේට දෙන්නම කලා නෑ........ උයන මහන්සිය විතරයි.....
"මේක හරියන්නේ නෑ...... උඹ ආයෙමත් නැගිටින්න ඕනේ ආයු..... උඹට ජීවිතේ තව ඉස්සරහට එහෙම්ම ඉතුරුයි...... හැමෝගෙම ජීවිත වල පරාජයන් වැටිම් එනවා...... එහෙම එනවා කියලා මේ ලෝකේ හැමෝම මැරෙන්න ගියොත් මම හිතන්නේ නෑ අවු 20-25න් විතර පස්සේ කවුරුත් මේ ලෝකේ ඉතුරු වෙයි කියලා..... අපි ආයෙමත් නවත්තපු තැනින් පටන් ගමු බන්...... "
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------