කාලෙකට පස්සේ දැනුන සුපුරුදු සිසිල් බවත් එක්ක මට හොදටම නිද්ද ගියා......
ඒත් නිදාගන්නකොට ලග හිටිය චෙරෝන් නැගිටිනකොට අහල පහලක හිටියේ නෑ...... මම මූන පොඩ්ඩක් හෝදගෙන එලියට ආවා...... හැමෝම වැඩ...... මට සියුම් දුකක් දැනුනා...... වෙනදට මුන්ට මම නැතුව මොන මගුලවත් කරගන්න බෑ..... දැන් හැමෝටම චෙරෝන් ලොකු වෙලා......
"මොකෝ උඹ කට ඇතුලෙන් කුටු කුටු ගාලා බයින්නේ....."
චනුක් හෙට ළමා නිවාසේ ළමයින්ට දෙන්න තෑගි පාර්සල් හදන ගමන් කියලා හිනා උනා.........
මමත් පොඩ්ඩක් ඈතට වෙන්න බිම වාඩි උන ගමන් චනුක්ගේ පුතා ඇවිත් මගේ තුරුලට පැන්නා...... පොඩි එකාගේ හුරතලේට දැනුන ආදරය එක්ක දරුවගේ හිස් මුදුන කීප පාරක් ඉඹලා හැරිලා බලනකොට චෙරෝන් ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා..... අවංකවම කිව්වොත් ඒ බැල්මට මගේ හිතත් සියුම්ව ගැස්සුනත් ඒ ඇස් ඇතුලේ මොනා හරි දෙයක් තියනවා කියලා මට දැනුනා...... වෙලාවට මට හිතෙනවා උඹට කිසිම දෙයක් මතක නැති වෙච්ච එකමයි හොද කියලා...... මොකද මම ඉස්සර සමහර වෙලාවට කරපු ඒ වගේ පිස්සු වැඩ උඹට මතක තිබුනනම් මම විනාසයි......
"ආ..... මේ දරුවා හුරතල් කරන්න පුලුවන් පස්සේ..... රෑ බස් එකේ එනකොට උඹට නින්ද යන්නෙ නැති විත්තිය දන්න නිසාම තමයි පොඩ්ඩක් කරදර නොකර නිදාගන්න දුන්නේ..... වරෙන්..... වරෙන්..... මෙතන කරන්න තව වැඩ තියනවා....."
මමත් චනුක් ලගට ලංවෙලා ලස්සන පොඩි පොඩි බෑග් වලට සෙල්ලම් බඩු, ටොෆි, චොකලට්, පොත් පත් වගේ දේවල් පැක් කරන්න ගත්තා.....
"චනුක්....."
"ම්....."
"එතන ළමයි කීදෙනෙක් ඉන්නවාද....."
"ළමයිද........."
"ම්ම්ම්ම්......"
"පිරිමි ළමයි තිහයි..... ගෑණු ළමයි පනහයි...... ඔක්කාම අසුවයි......"
මම අහපු දේට උත්තර දුන්නේ චෙරෝන්......
"සර්..... එන බවක් මම ලීව් ඇප්ලිකේශන් එක දානකොටවත් කිව්වේ නෑනේ....."
"මගේ දේවල් කාටවත් කියන්න ඕනේ කියලා දෙයක් නෑනේ භවාන්........."
හිතපු නැති විදිහට චෙරෝන්ගේ වචන මගේ හිතට තදින් දැනුනා..... ඔවු ඇත්තටම මම කවුද..... දැනුන හිතේ අවුල නිසාම මම මුකුත් කියන්නේ නැතිව ඉද්දී දේශාල් ත් ආවා.....
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------