පහන පා කරලා වතුරේ ගිලිලා ආපහු උඩට එනකොට එක පාරම මගේ ඇගේ වැදුන දේ හින්දා මම නොසෑහෙන්න බය උනා.....
මම හිතුවේ කිඹුලෙක් කියලා..... ඒත් ඒ මනුස්සයෙක් කියලා දැනුනාම ඊටත් වඩා බය හිතුනා......
"අයියේ..... ඉක්මනට ගොඩට අල්ලන්න....."
මම බය වෙලා බලාන ඉද්දී විෂූ කෑ ගැහුවා.....
ගතේ උපරිම හයිය යොදලා මම ඒ පාවෙලා ආව මනුස්සයාව අත් දෙකට ගත්තා...... කෙනෙක් සිහියෙන් ඉන්න කොට වඩා සිහිය නැතිව ඉන්න කොට උස්සන්න හරිම අමාරුයි..... ඒක හරියටම දැනුනේ අදයි....
"කෝ.... ඔය මනුස්සයව මෙතන බිමින් තියන්න...... "
මේ කෝවිලේ ගගේ ඉවුර නිසා හැම තැනම පහන් පත්තු කරලා...... ඒ පහන් එලියට තමයි මම ගොඩට ගත්ත කෙනා කවුද කියලා දැක්කේ.........
අවුරුදු විසි දෙකක විතර කොල්ලෙක්...... ඒ මූනේ තිබ්බේ අමුතුම ලස්සනක්...... ප්‍රථම වතාවට මගේ හද ගැස්ම නුහුරු නුපුරුදු විදිහට තදින් ගැහෙන්න ගත්තා....... මට ලොකු බයක් දැනුනා...... ඒ කොල්ලට මොනා හරි වෙලා ඇති කියලා..... මට තේරෙන්නේ නෑ ඇයි මගේ මොලේ එහෙම හැසිරෙන්නේ කියලා.....
"අනේ විෂූ...... "
"හරි හරි බය වෙන්න එපා..... කෝ..... මම හාට් එක මසාජ් කරන්න පටන් ගන්නම්...... ඔයා කෘතිම ස්වසනය දෙන්න හරිද....."
"ආ...... මම......"
"අයියෝ..... බබා වෙන්නේ නැතිව ඔය මනුස්සයාගේ කට ඇරලා කටට කට තියලා පිඹහන් මගුල......"
විෂූට යකා වැහිලා..... මම ගල් ගැහිලා ඒ රෝස පාට තොල් දිහා ටිකක් වෙලා බලාන හිටියා..... ඊට පස්සේ හිමිහිට කට ඇරලා විෂූ කියලා දුන්නු විදිහට කරන්න ගත්තා..... ඒත් කොල්ලට සිහිය ආවේ නෑ......
"ඉක්මනට මෙයාව ගන්න අයියේ..... අපි හොස්පිට්ල් එකට යන්න ඕනේ....."
මම ආයෙමත් කොල්ලව අත් දෙකට ගත්තා...... ඒ සිනිදු සීතල වෙලා ගිය දෙතොල් වල පහස මට හොස්පිටල් එකට යන ගමනුත් දැනෙනවා දැනෙනවා වගේ.....
අපි දෙන්නත් ගගේ බැහැලා වැද වැද හිටපු නිසා හොදටම තෙමිලා හිටියේ..... ඒත් ඒ තෙත ඇදුම් පිටින්ම අර මනුස්සයවත් අරන් හොස්පිට්ල් එකට ගියා......
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
No Ficción"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------