02 වන කොටස

1.3K 168 13
                                    

"විෂූ...... මල්ලි..... අර.... අර.... බලාගන..... පරිස්සමෙන් වාහනේ ගන්න ........."

මේ පිස්සා මගේ මූන දිහා බලාගෙන වාහනේ එලවලා තව පොඩ්ඩෙන් ඉවරයි.....

ඉස්සරහ වංගුවේ මිනිස්සු පිරිලා වාහනත් නතර කරලා...... මම කෑහගපු පාර මිනිහා බය වෙලා බ්රෙක් කරා...... බ්රෙක් කරපු සද්දෙට අර මිනිස්සුත් බය වෙලා බැලුවා.....

"අදත් ඇක්සිඩට් එකක් වගේ....."

සෙනග පිරිච්ච තැන ටිකක් පහුකරගෙන ගිහින් අපිත් අපේ වාහනේ පාර අයිනේ නතර කරලා බැස්සා.....

"මොකද අයියේ වෙලා තියෙන්නේ......"

විෂූ...... එතන හිටපු කෙනෙක්ගෙන් ඇහැව්වා.....

"කාර් එකක් මේ පාලමේ බැම්මත් කඩාගෙන පහලට වැටිලා....."

අපි එතනින් පහලට පොඩ්ඩක් එබිලා බැලුවට වැටිච්ච කාර් එක පේන්න තිබ්බේ නෑ......

"ඒත් වාහනේ කෝ......"

"වාහනේ දැන් ටිකකට ඉස්සෙල්ලත් යන්තම් අර පේන ගස්වලට හිරවෙලා තිබුනා...... ගගේ වතුර පාර ටිකකට කලින් වැඩි වෙච්ච පාර ගහගෙන ගිහින් වගේ...... මෙතන මේ හැමතැන කැලි කැලි තියන නිසා පොඩ්ඩක් බලන්නේ කවුරු හරි ඉන්නවද කියලා..... කිසිම දෙයක් හොයාගන්න බෑ මල්ලි..... කතා කරන්න පුලුවන් හැම තැනටම කතා කලා පොලිසිටත් කතා කලා..... ආ..... ඔන්න පෙරහැර ගියාට පස්සේ ඔය එන්නේ...... "

හිතා ගන්න බෑ ඒ වාහනේ කවුරු ඉන්න ඇද්ද කියලා..... දළු කඩන ගෑනු නම් කියන්නේ...... මහ සද්දයක් ඇහිලා බලන කොට කාර් එකක් පාලමේ වැදිලා වැටෙනවා දැක්කා කියලා විතරයි...... ගගේ වතුර වැඩි නිසා කිසිම දෙයක් කරන්න බෑ......

"අපි යමු අයියේ....."

විෂූ මගේ මූන දිහා බලලා කිව්වා.....

"පවු.... කාගේ උනත් ජීවිතයක්....."

විෂූ එහෙම කියන ගමන් ලොකු හුස්මක් අරගෙන වාහනේ පරිස්සමට පාරට ගත්තා...... ඇත්තටම ජීවත් වෙන්න ඕනේ ජීවිතේ විදින්න ඕනේ ජීවිත ඇයි මෙහෙම උදුරගන්නේ...... ඇයි මගේ වගේ ජීවිතේ විදවන ජීවිත ඉක්මනට ඉවර වෙන්නේ නැත්තේ කියලා මට තෙරේන්නේ නෑ........."

විෂූ හරිම පරිස්සමෙන් ගෙදර එකම් වාහනේ ගෙනාවේ...... මොකද...... තව පොඩ්ඩෙන් ඌ මගේ දිහා බල බල වාහනේ එලවලා අර කාර් ඒක ගගට වැටුන තැනින්ම අපි දෙන්නත් ගගේ තමයි.....

කන්නීර්...(கண்ணீர்) || BLWhere stories live. Discover now