වෙනදා තරම් දාඩියක් දැම්මේ නැති උනත් නාගෙන ෂෝටක් දාගන ඇදට පැන්නේ හිත සංසුන් කරගන්න විදිහක් හොයන ගමන්......
චෙරෝන් ඇස්වලට යාන්තමින් කදුළු පුරවගෙන කතා කරනකොට මගේ හිත නොසංසුන් උනා...... උගේ කදුළු පිහන්න කෙනෙක් ඉන්නවා කියලා මගේ මෝඩ හිතට තේරුම් කරන්න හැදුවත් හිත සමහර වෙලාවට පිළිගන්නේ නෑ......... සිතුවිල්ලෙන් සිතුවිල්ල වෙලිලා ඇස් දෙක යාන්තම් පියවිගෙන එනකොටම චනුක්ගෙන් කෝල් එකක් ආවා.....
"ආ...... මහත්තයා..... දැන් ලොකු මිනිස්සුනේ ආශ්රය කරන්නේ..... අපි වගේ දුප්පත් මිනිස්සුන්ව මතක නෑනේ......"
"අනේ විකාර කියන්නේ නැතුව ඉදින්...... අක්කයි දරුවොයි සනීපෙන්ද......"
"අනේ වැඩක්ද..... බාප්පෙක් කියලා එකෙක් ඉන්නවා..... අපේ පොඩි උන්ට දැන් බාප්පගේ හැඩරුව මෙහෙමයි කියලා පෙන්න වෙන්නෙ ෆෝන් එකෙන් තමයි....."
"සොරි බන්...... මටම තේරෙන්නේ නෑ...... මමත් වෙලාවකට කුඩුවේ දොර ඇරලා තිබුනත් කුඩුව දාලා යන්නේ නැති ගිරවෙක් වගේ බන්......"
"උඹ විතරක් නෙවෙයි බන් අපි කවුරුත් සමහර අවස්ථාවල එහෙමයි..... වේදනාව..... දුක හැමදේමත් දරාගන ඒක ඇතුලෙම ජීවිතේ හොයනවා.....
"ඉතින් මොකෝ...... සර්ට අද ටියුෂන් නැද්ද..... හරිම ෆ්රී එකේ කතා කරන්නේ....."
"ඔවු බන්..... අද නෑ...... මේ..... මම කතාකරේ ලොකුගේ බර්ත්ඩේ ඒක එනවා 27 වෙනිදට...... එදාට ළමා නිවාසෙකට දානයක් දෙන්න හිතාන ඉන්නේ......"
"අනේ...... ෂෝක් බන්......"
"උඹත් වරෙන්...... හැබැයි බර්ත් ඩේ ඒක දවසෙම නිවාඩු දාලා එන්න ඉන්න එපා..... පොඩ්ඩක් කලින් එන්න බලන්න..... දානේ වැඩ වලට උදව්වටත් එක්ක....."
"හරි හරි....."
"මේ ඒක නෙවෙයි අපේ කොල්ලට කොහොමද....."
මට දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව ටිකක් වෙලා හිටියා.....
"ගොඩක් හොදින් ඉන්නේ ඔය....."
"ඇත්තට...... ඒත් ආයූ..... මට නම් හිතෙන්නේ කොල්ල දුකෙන් වගේ ඉන්නේ කියලා......"
"ඇත්තද..... උඹ කවදා ඉදලද අංජනම් බලන්න ඉගෙන ගත්තේ චනුක්......"
"ජෝක් නෙවෙයි බන්...... මේ ලගදි චෙරෝන් බණ්ඩාරවෙල ඇවිත් ඉන්නකොට මට ඌව හම්බ උනා......"
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Não Ficção"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------