27 වන කොටස

745 98 6
                                    

ජීවිතේ බලාපොරොත්තු වන හැමදේම ඒ විදිහට වෙන්නේ නැති ඒක මහ වේදනාවක් උනත් එහෙම වෙන්නත් මොකක් හරි හේතුවක් තියනවා.....

මම දන්නේ නෑ ඒ ඇයි කියලා...... අන්තිමේට චෙරෝන් එක්ක එයාගේ ගෙදර ගිහින් ආපු දවසේ ඉදලා මගේ හැගිම් තවත් වෙනස් උනා...... ඒක හරියට වේදනාව දැනිලා දැනිලා ඒ වේදනාව ජීවිතේට බද්ද කරගෙන ජීවත් වෙන්න හුරු උනා වගේ..... එන්න එන්නම චෙරෝන්ගේ බෙල්ලට තොන්ඩුව තද වෙනවා කියලා එයා නොකිව්වත් මම ඒක දැක්කා...... මොකද...... ඔෆිස් එකේ කෙල්ලො ටික උන්ගේ හනිමුන් එක ගැන කතා කරනවා වගේ කතා කරන දේවල් වලින් මට ඒක තේරුම් ගියා......

මමත් හරියට අතට ගත්ත නවකතා පොතක අවසානය තෙක් කියවලා කිසිම කුතුහලයක් නැතිව ආපහු මුල ඉදලා කියවගෙන යනවා වගේ කිසිම හැගීමක් වේදනාවක් නැතිව මේ වෙන දේවල් දිහා බලාගන ඉන්නවා......

මම දන්නවා...... එයාට මේ හැමදේම අතෑරලා මගේ ගාවට එන්න කොච්චර ඕනේ උනත් එයාට ඒක කරන්න බෑ..... බැරිවෙලා හරි එයා ඒදේ කලොත් එයාලගේ පවුලේ හැමෝම පාරට වැටෙනවා...... ඒක තමයි ඇත්ත...... හැමෝම එකතු වෙලා ඒ අහිංසකයගේ උරහිසින් ඌට දරාගන්න බැරි බරක් පටවලා කියලා මට දැනුනත් දුවගෙන ගිහින් ඒ බරේ පැත්තකින් අල්ලගෙන ඒ බර සැහැල්ලු කරන්න උදවු වෙන්න මට පුලුවන්කමක් නෑ......

සසරේ කවද හරි අපි ආදරයෙන් ජීවත් වෙච්ච අයව ඈත් කරලා ලස්සන කුරුළු කූඩු දැන හෝ නොදැන විනාශ කරලා ඇති...... ඒකයි ආදරය දෙන්නගේම හිත් වල පැලෙන්න පුරවගන උනත් මෙහෙම ඈත් වෙලා දෙපැත්තකට වෙලා දුක් විදින්න වෙලා තියෙන්නේ.....

"භවාන්........."

"ඇයි....."

විමෝෂ වෙනදා වගේම මගේ ලග වාඩි වෙලා තේක බොන්න ගත්තා.....

"එදා පාටි එකෙන් පස්සේ උඹ හරි වෙනස් බන්...... අනේ මන්දා මට හිතාගන්න බෑ ඇයි ඒ කියලා..... "

"ඇයි උඹට මොන වගේ වෙනසක් ද දැනෙන්නේ....."

"දන්නේ නෑ බන්....."

"හරි ඉස්සර මොන වගේ ද දැනුනේ....."

"මම දන්නේ නෑ බන්...... මට මතකයි අපේ අත්තම්මා ඉස්සර කියනවා මේ නුවර අහස යටට එන ඕනම කෙනෙකුගේ ඒ දුක් ගින්දර මේ අහස යටදි නිවිලා යනවා කියලා..... මම උඹව ඉස්සෙලාම දැක්ක දවසේ උබේ ඇස් ඇතුලෙන් මොකද්දෝ කියාගන්න බැරි වේදනාවක් දැක්කා...... ඒකමයි මම මේ තරම් උඹත් එක්ක ෆිට් උනේ...... අත්තම්මා කිව්වා වගේ උබේ ඇස්වලින් කාල‍යත් එක්ක ඒ ගතිය අඩුවෙලා ගියා වගේ දැනුනත් දැන් මම ආයමත් ඒ වේදනාව උඹේ ඇස් වලින් දකිනවා....."

කන්නීර්...(கண்ணீர்) || BLWhere stories live. Discover now