සමහර වෙලාවට ජීවිතේ දුකම පිරිලා තියනවාද කියලා හිතෙනවා......
විනාඩියක් හිනා වෙලා පැය ගානක් අඩන්න සිද්ද වෙනවද කියලත් හිතෙනවා...... හිත ඇතුලේ මතුවෙලා නැති වෙලා යන හැගීම් දරාගන්න අමාරුයි...... ඉස්සෙල්ලා සැරේ වගේ හිත නිදහස් කරගන්න පුලුවන් කියලා හිතෙන කිසිම දෙයක් මට පේන මානයේවත් නෑ...... මොකද මම දන්නවා චෙරෝන් මට උගේ ජීවිතේටත් වඩා ආදරය කරනවා කියලා...... ඒ වගේම ඒ ආදරය ඒ උණුසුම වින්දට පස්සේ ආයමත් හැමදේම අමතක කරලා මුලට එන්න බෑ..... ජීවිතේ අරමුණක් වෙච්ච හැගීමක් හිතේ නැති වුනාම මුලු ජීවිතේටම අරමුණක් නැතිව මංමුලා වෙනවා......
හිතේ තියන නොසංසුන්කම අඩුවෙන්න කියලා බැල්කනි එකට ආවට මොකද මම දැන් කරන්නේ මොනාද කියලා හිතාගන්න බෑ..... යාන්තම් කුඩු පොද ඉහිරෙන මන්දාරම් කරලා තියන නුවර අහස...... මගේ ආත්මයම සමහර මතකයන් ගාවට ඇදගෙන ගියා කියලා හිතුනා......
"භවාන්....."
එක පාරම රූම් එකේ දොර ඇගෙන විමෝෂ එනකොට මාව ගැස්සිලා ගියා.....
"ඇයි බන්....."
"උඹට ලියුමක්....."
මම දන්නවා ඒක මොකක්ද කියලා.... මම ඕක බලාපොරොත්තුවෙන්මයි හිටියේ.....
"කෝ දියන් බලන්න......"
"මචං මේ....."
"මගේ නහටත් උඩින් වතුර දාලා ඉවරයි බන්...... ඒක නිසා මම කිසි දෙයක් ගැන වැඩිය වද වෙන්නේ නෑ......."
මම ලියුම කඩලා බැලුවා.........
"මොනාද කියලා තියෙන්නේ......"
"මුකුත් නෑ...... මාව ට්රාන්සර් කරලා...... "
"කොහොටද..... එක අතකට ඒක හොදයි...... මම හිතුවේ උඹට අස්වෙන්න කියයි කියලා....."
"මේකත් අස්කරලා දැම්මා වගේ තමයි...... මම කොහොමද බන් මල්ලිව දකින්නේ නැතිව ඉන්නේ...... මට දරාගන්න බෑ බන්..... මට පිස්සු හැදෙයිද දන්නේ නෑ......"
"නෑ...... උඹට හොද ආත්ම ශක්තියක් තියනවා බන්...... බය වෙන්න එපා..... උඹට වැඩේ ගොඩ දාගන්න පුලුවන්....."
"මම දන්නේ නෑ..... ගිය වතාවේ මම විතරක් ආදරය කරපු නිසා දරාගත්තත් මේ පාර ඒක ලේසි නෑ....."
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------