මේ ජීවිතේ ගලාගෙන යන දිශාව අනුව දුක් වෙන්නද සතුටු වෙන්නද කියලා මට හිතාගන්න බෑ......
වෙලාවකට හිතෙවා මම හුස්ම වැටෙන නිසා ජීවිතේට ජීවත් වෙන්න ඉඩදිලා ඉන්නවාදෝ කියලා..... කොහොම උනත් ගෙවිලා ගිය අතීතය මගේ ජීවිතේ මම නොහිතපු විදිහට වෙනස් කලා කියලා මට හිතෙනවා...... එක බදිමක් එක සිදුවීමක් වගේම එක රැයක් මගේ ජීවිතේ උඩු යටිකුරු කරලා දැම්මා.....
"භවාන්..... "
සුපුරුදු විදිහට මගේ හැගීම් වල ගිලිලා ඉද්දී හැම මගුලටම බාදාකරන කෙනා ඇවිත්.....
"ඒ පාර මොකද....."
"ඇත්තටම චෙරෝන් සර්ට නිවුන්නු ඉන්නවද....."
අතේ තිබුන ෆයිල් එක සද්දේ ඇහෙන විදිහට මගේ මේසෙට විසිකරලා දාලා විමෝෂ තරහෙන් පුපුර පුපුර මගේ දිහා බලාන ඉන්නවා......
"මොනාද බන් මේ කියවන්නේ..... මම කොහොමද ඒක දන්නේ......"
"නෑ බන්...... චෙරෝන් සර් දැන් දවස් කීපයකට කලින් අපිත් එක්ක එලියට ගිහින් ලන්ච් අරගෙන හරියට කාලයක් තිස්සේ දන්න අදුරන පොරක් වගේ නෙහ් හිටියේ...... හිටිගමන් මේකගේ වෙස් පෙරලෙනවා නෙහ්......"
මට හිනාව නොවී ඉන්න අමාරු උනත් මම හිනා උනොත් මූ තවත් අවුල් වෙන නිසා හිනාව පාලනය කරගෙන හිටියා.....
"ඇයි මොකද වුනේ......"
"නෑ බන්......අර ප්රොජෙක්ට් රිපොට් එක පරක්කු උනා කියලා මට බැන්නා..... අන්න උඹටත් එන්න කිව්වා......"
"දැන්ද යකෝ තෙල බෙදා ඉවර වෙලා පණිවිඩේ කියන්නේ..... උඹට බනින්න නෙවෙයි එල්ලන්න තියෙන්නේ....."
"අනේ මම කිව්වයි කියලා හිතාගනින්......"
මම ඉක්මනට යන්න ලැස්ති වෙලා හැරෙනකොට චෙරෝන් මගේ සීට් එක ලග.....
"දැන් තමුන්ට මම භවාන්ව එක්ක එන්න කිව්වම මොනාද මෙතන ඇවිත් කිව්වේ..... ආ..... "
අපි දෙන්නම කියන්න දෙයක් නැතිව නිරුත්තරව බලාන හිටියා.........
"තමුසෙට මොකක් හරි මානසික ලොඩක් තියනවාද...... කිව්වදේ කිව්ව විදිහට කරන්න බැරිද...... තමුසෙලාට මාව කවුරු වගේද පෙන්නේ ආහ්..... පොඩ්ඩක් මනුස්සකමට කතා බහ කරලා හිටියම තමුසෙලා එනවද මගේ කරේ නගින්න......"
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
غير روائي"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------