ජීවිතේ වෙනස් වෙන්න ඕනේ......
නැවුම් වෙනසක් තමයි ජීවිතේ ජීවත් කරවනවා කියලා කියන්නේ කියලා කොයිතරම් දේවල් කියෙව්වත් කෙනෙක්ගේ ජීවිතේ අවුරුදු ගානක් තිස්සේ ගලාගෙන ගිය රටාව වෙනස් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි......
මොකද මිනිස්සු කියන්නේ පුංචි දෙයටත් ඇබ්බැහි වෙන ජාතියේ කොටසක් නිසා...... ඒ ඇබ්බැහිවීම් ඇතුලේ තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න බැරිවෙන විදිහට ගොඩ නගාගන්නෙත් ඔවුන්මයි...... ඒකයි අරක්කු සිකරට් වලට ඇබ්බැහි උන මිනිස්සුන්ටත් ඒවගෙන් ගැලවෙන්න අමාරු....
ඇත්තටම දැන් මටත් වෙලා තියෙන්නේ එහෙමයි...... මේ වෙනස සුන්දරයි කියලා උඩ පැන්නට ඒ වෙනස දරාගන්න බෑ...... ඉන්න පරිසරයෙන් වෙනස් උනාම හැමදේම අමතක කරන්න ලේසියි කිව්වා...... ඔවු වෙන්න ඇති..... ඒත් දැනට නම් එහෙම කිව්වාට වඩා විසි තිස්ගුණයක් මට චනුක්ව චෙරෝන්ව මතක් වෙනවා.....
නොසංසුන් හිතත් එක්ක පොඩ්ඩක් ඇහැ පියවගන්න හැදුවා විතරයි..... කොල් එකක්..... මම හිතුවේ විමෝෂ කියලා......
"ආයු....."
ඒ හඩේ වේදනාව පිරිලා.....
මගේ ඇස්වලට මතුවෙච්ච කදුළු නිසා මට කතා කරගන්න බැරිව වචන හිර වුනා...... මම අඩනවා කියලා දැනුනට පස්සේ අනිත් පැත්තෙන් ඌත් අඩන්න ගත්තා...... අපි දෙන්නා කිසිම කතා බහක් නැතිව හිතේ දුක අඩු වෙනකම් ඇඩුවා.....
"උඹ දවල්ට කාලද ආයු....."
චනුක් අමාරුවෙන් හඩ අවදි කලා...... ජීවිතේට ආයෙත් උඹ වගේ යාළුවෙක් මම කොහෙන් හොයාගන්නද කියලා මට තේරෙන්නේ නෑ......
"උඹ කාලද....."
"ප්‍රශ්ණයක් ඇහැව්වහම ආයෙමත් ඒකට ප්‍රශ්ණයක් අහන්න එපා බූරුවෝ......"
"කන්න වෙලාවක් ලැබුනේ නෑ...... අනික...... නත්තල් සීයා බෑග් එකට දාපු බිස්කට් පැකට් එකෙන් වේල පිරිමහගත්තා......"
"ඇත්තට...... කෑවද නැත්නම් කාට හරි දුන්නද...... "
උඹ මේ තරම් මාව තේරුම් ගන්නේ කොහොමද කියන එක වෙලාවකට මට ලොකු ප්‍රශ්ණයක් චනුක්..... පොඩ්ඩක් ලගින් යන්න නම් කමක් නෑ..... ඒත් හරියටම උබේ හිතට දැනෙන අනුමානය ඔය තරමට නිවැරදි වෙන්නේ කොහොමද......
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------