මගේ හිතට යථාර්ථය මේකයි කියලා තේරුම් කරලා දුන්නත් කිසිම වැඩක් නෑ කියලා හිතෙනවා......
මොකද කැමැත්තෙන් වේදනා විදින්න හදනවා වගේ මගේ ඇස් තාමත් බලාපොරොත්තු වෙන්නෙම චෙරෝන්ව...... මම හොදටම දන්නවා චෙරෝන් විතරක් නෙවෙයි අනිවාර්යෙන් එයාගේ අතේ එල්ලිගන ආරාධනා මැඩමුත් මේකට එනවා කියලා...... ඒත් පැත්තකට වෙලා ඉන්න හිතදෙන්නේ නැත්තේ සසරේ කරපු මොන කරුමෙකට ද කියලා මම දන්නේ නෑ.....
"කාවද බලන්නේ....."
එක පාරම පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් අහනකොට හොරයක් කරන්න හදපු එකෙක් වගේ මම ගැස්සිලා බැලුවා.....
"සදරු..... මේ සදරු නේද....."
"ඇති යන්තම් උඹට මගේ නම මතක තිබුනා...... "
"ඒ කියන්නේ...... සුසිල් අයියා පරණ සෙට්ට එකටම කියලා......"
සදරු කියන්නේ කම්පැනි එකේ මම එනකොට මුල් කාලේ හම්බවුන කෙනෙක්..... මම හිතන්නේ දැන් නුවරඑලියේ වැඩ කරන්නේ...... සදරු මොහොතක් තදින් මාව බදාගෙන හිටියා......
"ඇත්තටම භවාන් කොහොමද..... උඹ ලස්සන.... වෙලා..... සුදු වෙලා..... ඉතින්.... ඉතින් දැන් මැරි කරලද...... "
හැමෝම අහන ඒ විකාර ප්රශ්න පත්තරේ මූත් අහනවා.....
"නෑ බන්......"
"අනේ පලයන් බන් යන්න...... හරි උබට කෙනෙක් ඉන්නවනේ......"
"එහෙමත් නෑ......"
"බොරු නොකියා ඉදින්...... "
"ඇත්තටම බන්..... මම මොකටද බොරු කියන්නේ......"
"උඹ වගෙ හැන්සම් කොල්ලෙක්ට කෙල්ලෙක් නෑ කියන්නේ පුදුමයි නෙහ්...... මොකද අද කාලේ කෙල්ලො තමයි ලස්සන කොල්ලෙක් දැක්කම ඇවිත් ප්රොපෝස් කරන්නේ......"
මම හිනා වෙලා නිකන් හිටියේ මූට තේරුම් කරා කියලා මූ හිතෙන් මවාගන ඉන්න කිසි දෙයක් වෙනස් වෙන්නේ නැති නිසා.....
"හරි හරි ඒවා අමතක කරලා දාලා යමු...... "
"ආ..... මේ...... මම......"
"භවාන් කවුරු හරි එනකම්ද ඉන්නේ......"
"අනේ නෑ බන්......"
"එහෙනම් යමු ද......"
මට බෑ කියන්නත් බෑ..... ගිහිල්ලත් බෑ...... ඕන එකක් කියලා මම සදරු එක්ක අපේ පරණ සෙට් එක වාඩි වෙලා හිටිය ටේබල් එකෙන් වාඩි උනා......
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------