ගස්වල කොල මතට අමුතුම තාලෙකට වැටෙන්න ගත්ත පොද වැස්සේ රිද්මය මොහොතකින් වෙනස් වෙලා මහ හයියෙන් වහින්න පටන් අරගෙන...
ඒ සීතලට මුසු වෙච්ච මල් සුවද මගේ හිතේ පතුලේ ආදරයෙන් පිරිච්ච ගැඹුරම තැනක හංලා තියන ඒ හැගීම් අවදි කලා කියා දැනුනා... ඒ සුසුම් වල සුවද උණුහම ඒ මතයන් එක තප්පරයට මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා... මේ ජීවිතේ මම වෙනුවෙන් විතරක් හුස්ම ගන්න පුරුදු වෙච්ච මගේ පපුව තවත් කෙනෙක් වෙනුවෙන් හුස්ම අරගෙන ජීවත් වෙන්න පටන් අරගන...
"මොකෝ මේ..... "
එයා එක පාරම පිටිපස්සෙන් ඇවිත් මට තුරුල් වෙනකොට සියුම් තිගැස්මක් හිත ඇතුලෙන් මතු උනා... ඒ තිගැස්ම නොපෙන්වා ඉන්න උත්සහ කලත් මට තේරුනා එයාට ඒක හොදින් දැනුනා කියලා... මගේ පුංචි සුසුමක පවා වෙනස දැනෙන තරමට ඒ හිතට මගේ හිත බද්ද වෙලා.... ඒ නිසාමද කොහෙදෝ එයා මගේ බෙල්ලට සිපුමක් තියලා උරහිසේ ඔලුව තියාන ලොකු හුස්මක් පිට කලා....
"මම......."
"එපා......."
"නෑ මට...."
"එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න...."
" බෑ.... මේ මට.... ප්ලිස්.."
"එපා... මම...."
දැනෙන හැගීම් එක්ක පොර බදින හිතෙන් මම අනිත් පැත්ත හැරිලා එයාව පපුවට තුරුල් කරගන්න ගමන් බෙල්ල පුරා වදින් උණුහුම් සුසුම් පහස වින්දා...
මොහොතකට කලින් මගේ පපුවට දැනුන ඒ සීතල නැති වෙලා ගිහින් උණුහුමක් දැනෙන්ට උනා....
"ඔයා මගේම විතරයි... මම ඔයාව වෙන කාටවත් දෙන්න නෑ..... ඔයා මම වෙනුවෙන් ඉපදුනේ.... ඔයා මටයි අයිති...."
හිතේ හටගත් හැගීම් වචන කරන්න බැරි තරමට සංකීර්ණ නිසා ඒ හැම හැගීමක්ම එක හාදුවක් විදිහට මම එයාගේ නලල මත තිබ්බා....
"මාව අයිති ඔයාට විතරමයි.... මම.... ඔයාගෙ විතරමයි......"
අලුත් කතාවක්.
ඉක්මනින් හමුවෙමු.!
-Radhith-
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
No Ficción"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------