අපි තුන්දෙනා මොකක්ද වුනේ කියලා බලන්න කාමරේට දිව්වා......
දැක්ක විදිහට ඒ අහිංසකයා නින්දෙන් හැරිලා..... වතුර බොන්න හරි මොනා හරි කරන්න ගිහින් එතන තිබුන බොතලේ කොල්ලගේ අතින් බිමට වැටිලා......
"මොකද්ද වුනේ....."
චනුක් ඇහැව්වත් බයෙන් ගුලිවෙලා බලාගෙන හිටිය කොල්ලා මාව දැක්ක ගමන් පැනලා මට තුරුල් උනා......
"ඔයට වතුර ඕනේද......"
අහනකොට හිමිහිට ඔලුව වැනුවා...... මම මල්ලිව මගෙන් ඈත් කරලා වතුර එකක් බොන්න දුන්නා..... චනුක්යි දේශාල්යි දෙන්නා හිනා වෙලා ආපහු ගියා.....
මම වතුර බීලා ඉවර උනා පස්සේ මල්ලියාව ඇදේ නිදි කරවලා ආපහු නින්ද යනකම් ඔලුව අත ගෑවා...... ආයෙත් එයාට නින්ද ගියාම දාලා යයි වගේ බයෙන් කොල්ලා මගේ එක අතක් අල්ල ගත්ත ගමන් හිටියේ.....
මෙහෙම ගියොත් අනිවාර්යයෙන්ම මම දන්නවා මුගේ පිස්සුව හොද වෙනකොට මට පිස්සු හැදිලා තියෙයි...... එදාට මට හිතෙයි මගේ මතකයත් නැති වෙලා ගියා නම් හොදයි කියලා.....
මල්ලිට නින්ද ගියාට පස්සේ මම ආයෙත් අරුන් දෙන්නා ගාවට ගියා...... උන් දෙන්නා මේ ටිකට බෝතල් දෙකක් විතර හිස් කරලා ඉවරයි.... අන්තිමට තුන්දෙනා එක්ක කන්න වාඩි වෙනකොට රෑ එකොලහටත් ලගයි...... ඒත් කන්න වාඩි උනාට මට කන්න තරම් බඩගින්නක් තිබ්බේ නෑ...... ඇත්තටම මගේ බඩ පිරිලා වගේ දැනුනේ...... ඒත් ඕක කියන්න ගියොත් චනුක් ආයෙත් ඇවිස්සෙන නිසා වෙනසක් පෙන්නේ නැති වෙන්නේ බත් කටක් දෙකක් බෙදාගෙන කෑවා...... දේශාල්ට ටිකක් වැඩි වෙලා තිබ්බ නිසා ඩ්රයිවර් කෙනෙක් ගෙන්න ගෙන ගෙදර ගියා......
"මේ උඹ අද මාත් එක්ක නිදාගන්න වරෙන්....."
"ඈ.... ඒ මොකද ඒ....."
"ඇයි මොකද ඒ කියලා මගේ කටින්ම අහගන්න ඕනේ නම් කියන්නම්...... "
මම මුකුත් කියන්නේ නැතුව චනුක් දිහා බලාගෙන හිටියා..... වෙලාවකට අපිව තේරුම් ගත්තා අපිව හොදින් දන්නවා කියන උන්ම තමයි අපි ගැන කිසිම දෙයක් නොදන්න උන් ගානට වැටිලා අපේ හිත රිද්දන්නේ......
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Não Ficção"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------