ඩොක්ට කියපු කතාවත් එක්ක මාව උඩ ගියා......
ඩොක්ට නොකියා කියන්නේ මල්ලි සුසයිඩි කරගන්න ගියා කියලා...... ඒත් මේ අහිංසක මූන දිහා බලන කොට එහෙම දෙයක් වෙන්න විදිහක් නෑනේ......
"අයියේ......"
එක පාරම කතා කරපු නිසා මම ගැස්සිලා බලද්දී විෂූ ඇවිත්......
"ඔයා ආවාද මල්ලි......"
"අක්කා මගේ ඔලුව කන්න හදනවා ඔයාට පාරවල් හුරු නැති එකේ ඇයි තනියම යැව්වේ කියලා......"
"සොරි...... මට බයික් එකේ එන්න තිබුනේ......"
"අනේ මේ..... උඹ වාහනේ ගෙනිච්ච එකට නෙවෙයි බය වෙන්නේ...... උඹට මොනා හරි වෙයි කියලා...... මොකද වාහනේ ඉන්ෂුරන්ස් එකෙන් ආපහු තිබුන විදිහට හදලා දෙයි...... ඒත් අපි කොහොමද අයියේ ආපහු උඹ වගේ අහිංසකයෙක් හොයාගන්නේ......"
ආදාරය කියන්නේ පිච්චෙනවට කියන තවත් සමාන පදයක්ද කියලා මට හිතෙනවා...... මගේ පපුව මේ කොල්ලා වෙනුවෙන් වැලපෙන කොට විෂූ මම වෙනුවෙන් වේදනාවට පත් වෙනවා..... ඇත්තටම මට මහා අනුකම්පාවක් විෂූ ගැන දැනුනා.....
"ඩොක්ට මොකෝ කියන්නේ අයියේ......"
"මුකුත් නෑ..... මම හිතන්නේ පාන්දර විතර සිහිය ඇවිත් තියනවා..... ඒත් ඩොකට මහ අමුතු කතාවක් කිව්වා......"
"මොකද ඒ පාර......"
"කොල්ලා හොදටම බීලා ඉන්නේ කියලා...... මේක සුයිසඩ් කේස් එකක් කියලා නොකියා කියනවා....."
"අයියෝ උන්ට පිස්සු බන්......"
"ඇයි..... මේ වයසේ කොල්ලේකුට මැරෙන්න දේවල් නෑ කියලාද කියන්නේ....."
"අනේ මෝඩයෝ...... කොල්ලො කොහොමත් මේ වගේ පැතිවලට එනකොට බොනවා...... මම හිතන්නේ මෙයත් මේ කට්ටිය එක්ක නිවාඩුවකට ආපු ගමන් බීලා වාහනේ එලවන කොට අර පාලමෙන් පහලට වැටෙන්න ඇති....."
"ඔවු එහෙම වෙන්නත් පුලුවන්...... "
මම කල්පනාවෙන් මිදිලා කොල්ලගේ සිනිදු කොන්ඩේ පොඩ්ඩක් අත ගෑවා...... හරිම සිනිදුයි...... මේ කොල්ලා ගැන මට මහා ලෝබ කමක් දැනුනා...... දාලා යන්න බැරි තරම් ලෝභකමක්.....
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Não Ficção"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------