31 වන කොටස (අවසාන කොටස)

1.5K 153 35
                                    

මට විමෝෂගේ වචන හරියට ඇහුනේ හීනෙන් වගේ......

මම දන්නේ නෑ මොකක්ද ඒ කිව්වේ කියලා...... මට තාම ඒක විශ්වාස කරන්න බෑ...... ඒ මදිවට මේ මෝඩ ඇස් දෙකට නිවනක් නෑ...... පිහදාන්න පිහදාන්න කදුළු අලුත් වෙනවා...... මම හිතුවේ නෑ මේ දේ මට මේතරමට දරාගන්න අමාරුවෙයි කියලා.....

මෙච්චර දවසක් අපි දෙන්නා වෙන් වෙලා හිටියත් එයාව කාටවත් අයිති වෙලා නෑ කියන හැගීමෙන් මම ජීවත් වුනේ...... ඒත් අද මට ජීවිතේ ගැට ගහගන්න තිබුන අවසාන බලාපොරොත්තුවත් නැති වෙලා ගියා...... මගේ හිත හදාගන්න කියලා කිසිම දෙයක් ලගපාතකවත් නෑ කියන්නේ මේක එච්චරටම සරළ දෙයක් නෙවෙයි කියන එකයි.....

"විමෝෂ....."

විමෝෂ කෝල් එක කට් කරලා හිනාවක් දාගන මගේ පැත්තට හැරුනේ හරියට උගේ වයිෆ් ප්‍රෙග්නන්ට් උනා වගේ සතුටකින්...... මගේ හිතට සතුටක්ද, දුකක්ද තරහක්ද දැනෙන්නේ කියලවත් මට තෝරා බේරා ගන්න බැරි මානසික මට්ටමක මම දැන් ඉන්නේ......

"උඹ දන්නවද වැඩක්...... චෙරෝන් අප්පච්චි කෙනෙක් වෙන්න යනවා......"

මට කියන්න දෙයක් ඇත්තේම නැති තරම්...... මම ගල් වෙලා විමෝෂගේ මූන දිහා බලාගන හිටියා.....

"ඇයි මොකෝ අවුල......"

"අහ්.... ම්ම්..... නෑ අවුලක් නෑ..... මුකුත් නෑ......"

මට කොහාට හරි දුවගෙන ගිහින් ඇති තරම් අඩන්න හිතෙන තරම් දුකක් දැනුනා...... මම හිතුවේ මල්ලි මම වෙනුවෙන් ඉදි කියලා...... ඒත් මම ඌව දාලා ආවේ මාව අමතක කරලා ජීවිතේ ගෙනියයි කියන ඒ බලාපොරොත්තුවෙන් නේද කියලා අනිත් අතට හිතුනා.....

"ඇයි උඹ හිතුවද උඹ ඌව ආපහු හොයාගෙන එනකම් බලාගෙන ඉදියි කියලා...... අඩුම ගානේ සනීප වෙකම්වත් බලාගත්තේ තැති මිනිහෙක්ට ආදරය කරපු එකේ තේරුම මොකද්ද කියලා ඌට හිතෙන්න ඇති......"

"විමෝෂ....."

"මම දන්නේ නෑ උඹලාගේ බැදිම මොන වගේද කියලා...... ඒත් මම දන්නේ මෙචච්චරයි...... චෙරෝන් උඹ නිසා පුදුම විදිහට විදෙව්වා...... ඒත් දැන් ඌ එහෙම නෑ..... ඌ අලුතින් ජීවිතයක් පටන් අරගෙන..... ඌට දැන් ජීවිතේට අරමුනක් ලැබිලා ඉවරයි...... උඹත් මේ හැමදේම අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න බලහන්........."

කන්නීර්...(கண்ணீர்) || BLWhere stories live. Discover now