ජීවිතේ සමහර තීරණ අරගෙන ඉස්සරහට යන්න මාරම ගේමක් දෙන්න ඕනේ......
ඉබ්බෙක්ට ඒ කටුවෙන් කිසිම දවසක නිදහස් වෙන්න බෑ...... අන්න ඒ වගේ ජීවිතයක් තමයි මමත් ගොඩ නගාගෙන තිබුනේ...... ඒත් ඇතිවෙච්ච හැම සිදුවීමක් එක්කම මගේ හැගීම් වල දිශානතිය වෙනස් උනා.......
ඒත් මේ අලුත් ජීවිතේ පටන් ගන්න තිබ්බ උවමනාව නිසාම මගේ ලගින්ම හැමදාම හිටපු සමීපතම බැදිම් අතාරින්න වෙච්ච එක ලේසි නෑ...... මේ ජීවිතේ අපි කාගේ හරි බැදීමකට මොන විදිහෙන් හරි හිරවෙලා කියලා දැනෙනවා.........
"අයියේ..... වීදුරුව පාත් කරමුද....."
හිත වෙනම ලෝකෙක අතරමන් වෙලා ඉන්න කොට මූන ඉස්සරහ සීට් එකේ හිටපු මල්ලි මට කතාකලා..... මිනිහා දෙතුන් වතාවක් කතා කලත් මම මගේම ලෝකෙක තනි වෙලා හිටපු නිසා ඇහුනේ නැති හින්දා වෙන්න ඇති මගේ අතට තට්ටු කරලම කතා කලේ.....
කෝච්චිය සීතල කදුමුන් තේවතු මැදින් වංගු හැරි හැරී යනගමන්..... ඒ අතරේ වැටෙන වැස්සේ අඩුවක් නෑ...... මොහොතකට පෙර ඉර එලියත් එක්ක වැටුන සිහින් පොද වැස්ස දැන් මහ වැස්සක් බවට හැරිලා.....
මම කොල්ලා එක්ක හිනා වෙලා මගේ පැත්තේ ලොක් එක ඇරලා අපි දෙන්නම දෙපැත්තෙන් අල්ලලා පරිස්සමින් වීදුරුව පාත් කරලා හිනා උනා.....
"අයියා කොළඹ ද යන්නේ....."
ඉරිදා දවස නිසා සිකුරාදා ගෙවල් වල ආපු උන් බොඩිම් වලට දුවන දවස අද..... මම හිනා වෙලා ඔලුව වනලා නෑ කිව්වා.....
"මම නුවර යන්නේ...... අයියා කොහෙද යන්නේ...... මම ඇහැව්වට කමක් නෑනේ......"
"මමත් නුවර......"
"ඕ..... තෑන්ක් ගෝඩ්..... මම හිතුවේ ගොලුයි කියලා....."
මට කියන්න ගොඩක් දේවල් හිතට දැනුනත් මම හිනා වෙලා නිකන් හිටියා......
"සොරි මම ඔයාට වදයක් වෙනවද මන්දා...... ඒත් හරි කම්මැලියි මෙහෙම යන්න......"
ඇත්තටම මේකා දැන් ඇණයක් නොවුනත් ඉස්සරහට ඇණයක් වෙන එක ශුවර් නිසා මම සද්ද නැතිව හිටියා.....
හිත ඇතුලේ මතුවෙලා නිවෙන ගින්දරත් එක්ක මටත් නොදැනිම ලොකු හුස්මක් පිට උනා......
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Não Ficção"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------