20🪶

206 15 1
                                    

" ඔය ළමයාගේ අම්මා තාත්තා මොකද කරන්නේ..., "

" ඒ දෙන්නා නෑ ආන්ටි... මන් හැදුනේ... තනියම... මගේ කියලා මට‍ ඉන්නෙ මේතු විතරයි...''

" ඉතින් ඔය ළමයට තිබ්බා පිරිමි ළමයෙක් හොයා ගන්න.... දැන් ඉන්න ළමයි එක එක දේවාල් බලලා ඔලු නරක් කරගෙන.... "

" ඒක මන් දන් නෑ ආන්ටි....... මන් පොඩි කාලේ ඉදන් වෙනස් කියලා මට‍ තේරුණා... ඉතින් මන් දෙයක් තේරෙණ කාලේ මගේ හැගීම් තේරුම් ගත්තා... "

" ඒ...ත්...ඔය ළමයා මේතුව අතාරින්න... මගේ දුක පුතාට තේරෙනවනේ... මන් එයාව හැදු...වේ..."

"මන් අම්මෙක්ගේ වේදනාව දන් නෑ ආන්ටි.. ඒත් මන් එයාව අතාරින්නම්....ඒත් ඕනම වෙලාවක එයාව අල්ලගන්න මම ඉන්නවා ආන්ටි..."

"  මට‍ සමාවෙන්න දරුවෝ... ඒත් මට‍ මේදේට කැමති වෙන්න බෑ... "

" කමක් නෑ.. ආන්ටි... එයයි මායි ඔයා දවසක කැමති වෙනකන් හිතින් විතරක් ආදරේ කරන්නම්... ඔයා මේදේට කැමති නොවුනත් එයාව වෙන කෙනෙක්ට ලං කරන්න එපා... එයා ලං වෙන්නෙත් නැති වෙයි..."

" එයා.... වෙනස් උනේ... කොහොමද කියන්න මට‍ තේරෙවනවා දැන්...කටකාර කෙල්ල ඔය දරුවා හුගක්‌ වෙනස් කරලා...ඒ කෙල්ල නැති කරලම දාලා "

"මට‍ සමාවෙන්න...."

" කමක් නෑ.. එකෙන් මේතු වගකීමක් දරන්න පුලුවන් තරන් වෙනස් වෙලා... මගේ දරුවෝ මේතුව අතාරින්න.... ඔය දරුවාගේ ඕනම දෙකට මන් ඉන්නම්... ඔයා තනිවෙලා නෑ...තේරුනාද "

"එ..ක පාරක් මට‍ මේතු එක්ක කතා කරන්න දෙනවද..."

" නෙතු පල්ලහට එන්න... උඩතට්ටුවේ දෙවිනි රූම් එක... "

ඇත්තටම ආදරේ කරන අය වෙන්වෙන්න බය නෑ... ඒ වෙන්වීමේ බලාහිදීම තියන කල්...ඉතින් ඒ බලාහිදීම පුරව ගත්තු හිත් දෙක්ක වේදනාව කොච්චරද කියනවනම්...ඒ දේ කළු වලාවකින් වැහිලා ගියපු අහසටත් දැනුනා...

" මේ...තු... "

" ඉතින් සුදු අක්කි... අපි වෙන්වෙනවා................මන් බලන් ඉන්නම්... ඒක ඊළග ආත්මෙට එනකම් දුරයි නම්.. මගේ අක්කි අපි බලන් ඉමු නේද... "

" මගේ මැණික... හැමදේකදිම පරිස්සමින්... මන් යන්න ඕන...අහස බර කරා ''

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now