" දිල්කි තමුසේ මොකද්ද ඔය කරන්නෙ... යසසි ගියා... පරක්කු වෙනවා එනවා යන්න ... "
මේතු කතාකරනකම් දිල්ට ගානක් නෑ එතන යසසි නෑ කියලා...
" ohhh Fu**...මේතුකි නෙතුකි තමුසෙලා දෙන්නා හැමදාම මගෙයි දිල්ගෙයි මැද්දට පය්නවා....ගෙම්බෝ දෙන්නෙක් වගේ.... ඇයි දිල්කිටයි මටයි හරියට කතා කරන්න දෙන් නැත්තේ...."
" තමුසේට දිල් එක්ක තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.... අනික එහෙම කතා කරන්න දේකුත් නෑ... මන් එහෙම වෙන්න දෙන්නෙත් නෑ..."
මේතු දිල්ට දවසක් කීවා... ආයෙත් මොවන්මි නිසා විදවන්න දෙන් නෑ කියලා.. ඉතින් මේතු කිවොත් දෙයක් ඒ දේ කරනවා.... ඒක පුරුද්දක් උනේ එයාගේ සුදු අක්කිගෙන්.... තවත් එතන ඉන් නැතුව දිල්වත් ඇදන් මේතු නෙතුත් එක්ක එන්න ආවා....
" මේතුකි තමුසේ මතක තියාගන්නවා මන් දිල්ව කොහොම හරි අර කෙල්ලගේන් ගලවගන්නවා....ඒ වගේම තමුසෙලගෙන් ඈත් කරනවා...."
ඒ කියපු දේට මේතු මැද ඇගිල්ලේන් ආචාර කරන්න අමතක කලේ නෑ.... ඒ අතර නෙතුට ලොකු ප්‍රශ්නයක් මෙච්චර දෙයක් එයා නොදැන හිටපු එක...
" ස්වප්නා කොහෙද ගියේ.... කෝ එයා... "
" කෝ එයා... දැන්ද අහන්නේ... ඒකි දිව්වා කොහෙ ගියාද දන්නෑ.... හෝල්ට් එකේ ඇති... "
" මෙහ් මෙතන මොකක්ද වෙන්නේ කියනවද... මොවන්මි අක්කා දිල්ට කැමතිද.... "
"නෙතු මන් ඔයාට ගෙදර ගිහින් කියන්නම්ම්ම්... දැන් යන්කො...."
යසසි කොහෙ කියලා යන්නද.... ටවුන් එකේ අවුරුදු දෙකක් වෙන්න ඇවිදපු නැති තැනක් නැහ්... හැබැයි ඒ දිල් එක්ක...යසසිට ඕන උන් නෑ පාරවල් ගැන දැන ගන්න ... ඒ තියා එයාට කවදාවත් තනියෙන් යන්න උන් නෑ කොහොවත් හැමදාම දිල් එයා ලගින් හිටියා....එයාට හෝල්ට් එකට වෙලා අඩන එක ඇරෙන්න....
" ස්වප්නා... "
"අ....නේහ් මදා....රාහ් ඔයා...ට මාහ්...වහ් .... ගැලපෙන් නැද්දහ්... ඔයාහ්... ට එයාව දහ් ගලෙපෙන්නේ.....!"
"ස්වප්නා... අඩන එක නවත්ත ගන්නවා... මෙතන මිනිස්සු ඉන්නවා...."
දිල්ගේ කටහඩ යසසි කවදාවත් අහලා නැති තරන් ගැඹුරු වෙලා තිබ්බා... ඇස් කොනෙන් රතු වෙලා ගිහින්.... දිල් හරි නපුරු පාටට පෙනුනා...