chapter 34

590 56 15
                                    

" මොකද කල්ප ඔය "

ඈහ්..... මොකද කල්ප.... ඇයි අපේ කල්ප බොසාට මොකද වෙලා තියෙන්නේ.

දෙයියනේ කියලා කෝච්ට පින්සිද්ද වෙන්න උදෙ පාන්දර උදාර විදිහට දවස පටන් ගන්න කියලා මේ පත පිටනිය වටේ වට පහක් දුවලා ඉවර කරා විතරයි . සතියකට විතර පස්සේ එහෙම දිව්වේ ඒක හින්දද මන්දා ටිකක් මහන්සිත් එක්ක. ඒ හින්දම දුවලා ඉවර කරපු ගමන් ටිකක් එකතැන ඇවිදලා ගෙම්බා පොලේ ගැහුවා වගේ පිට්ටනිය මැද පත බෑවුනේ ඒ වෙනකොටත් අනිත් සෙට් එක බලන් බලන තැන සරනාගතයෝ ටිකක් වගේ වැටිලා ඉද්දි.

වාහ් බලාපල්ලකෝ ඒ වැටිලා ඉන්න විදිහේ ලස්සන. මට එහා පැත්තේ අරූ අයියා අපතයා පොලේ ගැහුවා වගෙ අත්පය හතරගාතේ දාගෙන නිදි. සෙයිතෝ අයියා උඩුබැලි අතට ඉදගෙන පිට්ටනියේ තණකොළ ගනිනවා. ප්‍රිත්වි අයියා නම් කැප්ටන් නාමේ රැකගෙන ටිකක් මනුස්සයෙක් වගේ ඉන්නවා. කල්පයියා ගැන ගත්තොත්....

ඇත්තටම මාත් ආපු ගමන් වැටුනා ප්‍රිත්වි අයියගේ කටහඩ හින්දා තමා කල්පයියා දිහා ටිකක් අවදානෙන් බැලුවේ. මොකද උදේ නැගිට්ට වෙලේ ඉදන් හිටියේ මාත් එක්කනේ. කිසි අවුලක් තිබ්බේ නෑ පුරුදු ට්‍රැක් අවුට් ඩයල් එකම වෙනදට වඩා හොදට හිටියා. ඒක හින්දම ප්‍රිත්වි අයියා අරම කියද්දි මායි අරූඅයියයි දෙන්නම අපේ රේඩාර් පද්දිතිය සම්පූර්ණයෙන් කල්පයියා දිහාට දැම්මේ සීන් එක මොකක්ද බලන්න.

පේන්න පිටින් ලොකු අවුලක් නෑ. අත්පා හතරම යහතින් තියනවා. ඒක හින්දා ශේප් එකේ මූණ ස්කෑන් කරන්න ගත්තා. හැබැයි එතනත් අවුලක් නෑ ඇස් කන් නාසය ඔක්කම ගානට නියමිත් තැන් වල තියනවා. ඒත් අනේ මන්දා උදේ නියමට මලක් වගේ පිපිලා තිබුන මූණ දැන් හරියට අව්ව සැර වැඩිවෙලා මැලවුණ මලක් වගේ. ඒත් ඇයි ........ මාත් එක්ක ග්‍රවුන්ඩ් එකට එනකන්ම හොදට හිටියනේ. ඊට පස්සෙත් ඉතින් අනෙව් මන්දා. පොරට වෙන මොකක් හරි ආබාදයක්වත්ද දන්නේ නෑ. එක්කෝ බඩේ අමාරුවක්වත්..

ම්හුක් ඒ මොනවත් ගැන මට ඕනවට හිතන්න වෙලාව හම්බුනේ නෑ. මොකද ප්‍රිත්වි අයියා අහපු ප්‍රශ්නෙට ආපහු පුරුදු ට්‍රැක් ලන්තේ සභාපති වගේ මූණ හදාගෙන මොකුත් ඥැක් බොසා කියලා කල්පයියාත් ඇවිත් පිට්ටනිය බදාගත්තනේ.  ඒවිතරක් නම් මදැයි. අරූ අයියගේ අතේ තිබුණ වතුර බෝතලේ ඇදලා අරන් එක උගුරට ගසලා ඇරියේ නැතෑ. ඇතුලේ තිබ්බ වතුර ටික අතුරුදන් උනේ බෙංගාල බොක්කට පාන් කෑල්ලක් දැම්මා වගේ.

hat Trick Where stories live. Discover now