Chapter 40

113 14 2
                                    

පබ් එකට ඇතුල් වෙනකොටම සීතල හුලං රැල්ලක් නිසා ඇතුළෙ තිබුන වින්ඩ් චයිම්ස් හෙමීට හෙලවෙන හඬ ඇති කරේ හරි සන්සුන් හැඟීමක්.. එලිය කොච්චර සීතලද කියල තේරුනේ පබ් එක ඇතුලට ආවම තමයි.. මොකද ඒක ඇතුල ගොඩක් උණුසුම්.. තද පාට දැව නිමාවක් තිබුන පබ් එක ඇතුල ඇම්බර් කහ පාට ලයිටින්ස් නිසා ටිකක් අඳුරුයි වගේ.. පදම් කරපු ලෙදර් සුවඳ, බාර් එකේ වයින්, ඒල් වර්ග වලන් ආපු සුවඳත් එක්ක ඒක ඇතුළෙ තිබ්බෙ අමුතුම නොස්ටැල්ජික්* වයිබ් එකක්..
ඇතුළෙ වෙන වෙනම තිබ්බ ලෙදර් සීටින් ඒරියාස්වල මිනිස්සු දෙතුන් දෙනෙක්ට වඩා නොහිටියත් ඇතුලට එනකොටම එයාලගෙ අවදානයක් ලැබෙන එක නං ටිකක් අපහසුයි.. කැෂියර් එකේ හිටියෙත් මැදි වයසෙ වගේ දකුණු ආසියානු තලේලලු පාට හමක් තිබුන මනුස්සයෙක්.. මුලින් ඒ මනුස්සයත් පුදුමෙන් වගේ මගෙ මූන දිහාම බලන් හිටිය නිසා මට ටිකක් තරහත් ගියා..

"A pint of kronenbourg please.."

ඇත්තටම මං අහක බලාගනම බියර් එක ඕඩර් කරෙත් ටිකක් අපහසුවෙන්.. ක්‍රෝනෙබ'ග් කියන්නෙ ලාගර් කැටගරි එකේ බියර් වර්ගයක්.. ඒක සොෆ්ට්.. අනිත් ඒල් වර්ග තරන් තිත්ත නෑ.. මෙහෙ සාමාන්‍යයෙන් බියර් ඕඩර් කරන්නෙ පයින්ට් විදියට.. පයින්ට් බාග ගන්නත් පුළුවන්.. පයින්ට් එකකට බියර් මිලි ලීටර් පන්සීයක් විතර අල්ලනව..

"ටැබ් කරන්නද පුතා?.."

ඒ පාර මාත් පුදුම වෙලා බලන් හිටියෙ ඒ මනුස්සය කතා කරේ සිංහලෙන්.. මොනව කරන්නද ඉතින්.. සුපුරුදු ගොන් හිනාව දානව ඇරෙන්න.. ආ.. ටැබ් කරනව කියන්නෙ පබ් එකෙන් යනකොට සල්ලි ගෙවන ක්‍රමයක්.. එංගලන්තෙ කියන්නෙ පබ් කල්චර් එක සෑහෙන ෆේමස් රටක්.. මෙහෙ සමහරු පැය ගනන් ඉන්නෙ පබ් වල.. එතකොට සැරින් සැරේ එක එක කෑම බීම එහෙම ඕඩර් කරනවනෙ.. එහෙම වෙනකොට දෙතුන් පාර සල්ලි ගෙවන්න කරදර නොවී පබ් එකෙන් යනකොට අර ඔක්කොටම එකවැර ගෙවන එකට තමයි ටැබ් කරනව කියන්නෙ..

"අන්කල් ලංකාවේද?.."
"ඔව්.. "
"සොරි අන්කල්.. මං හිතුවෙ ඉන්දියන් කෙනෙක් කියල.."
"ආ... ඒකට කමක් නෑ පුතා.."

බියර් එක ගෙනත් දෙන ගමනුත් මනුස්සය ආපහු මං දිහා හොඳට බලන් හිටිය.. ඒත් ඒ බැල්ම නිකන් තේරුන් ගන්න බැරි විදියෙ අමුතු එකක්..

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now