"ඔයා කොහොමද මගෙ තාත්තව දන්නෙ.."
මගේ ප්‍රශ්නෙට උත්තර දෙනව වෙනුවට එයා මට දුන්නෙ ප්‍රශ්නාර්ථ බැල්මක්.
"මේ ෆොටෝ එකේ ඉන්නෙ මගෙ තාත්ත ඔයා කොහොමද එයාව දන්නෙ.."
ඒ වෙලාවෙ එයාගෙ මූනෙ හැඟීම් වෙනස් වුනේ බලාගන ඉද්දි. මං කතා කරේ ගොඩක් හෙමින්. මැචස් වලට මේ දවස් ටිකේම සෑහෙන්න මහන්සි වෙන්න උන නිසාද මන්ද විටින් විටේ මාව අසනීප වෙන්න ගන්නව.
"ඇයි මොකුත් කියන් නැත්තෙ.. මොකද උනේ.."
"ශරවන්... මේ ඉන්නෙ ඔයාගෙ තාත්තම කියල ඔයාට විශ්වාස ද?"
"ඔව්.. මේ එයාම තමයි.. ඔයා කොහොමද එයාව දන්නෙ."එයා කඳුළු පිරුණු ඇස් ලොකූ කරල මන්දිහා බලන් හිටියෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව පුදුමෙන් වගේ. ඒත් ටික වෙලාවක් කල්පනා කරල ලොකු හුස්මක් අරන් ආයෙම එයා මට කතා කරා.
"අනුරුද්ධ සර්ගෙන්.... මං කාලයක් ඉගනගන තියෙනව."
"එතකොට මේ ෆොටෝ එක.."
"ඕක ඒ කාලෙ ප්‍රැක්ටිකල්ස් වගයක් කරනකොට ගත්ත එකක්."
"එතකොට ඔයා මගෙ පපාවත් දන්නවද?"
"පපා කිව්වෙ?.."පස්සෙ නැන්ද මට කියපු දේවල් එයාට කියන්න උනා. එයා මගෙ කතාව අහගන හිටියෙ ඇඳ උඩ ඉඳගන එයාගෙ අත් දෙක ගුලි කරල නලලෙ තියාගන ඇස් පියාගන. ඒක නිසා මට එයාගෙ මූන හරියට පේන්නෙ නෑ. ඒ කොහොම උනත් මට දැනුනෙ එයා මගෙ කතාව අහන් හිටියෙ ස්ට්‍රෙස් එකකින් වගේ.
"ඔයා එයාව දන්නවද.."
"මං.... එහෙම කෙනෙක්ව දන්නෙ නෑ ශරවන්..."
"තාත්තව දැනගන එයාව නොදැන ඉන්නෙ කොහොමද?"
"සර්ගෙ ප'සනල් දේවල් ගැන මං දන්නෙ නෑ. මං එයාගෙන් ඉගෙන ගත්ත විතරයි.."
"නැන්ද කිව්වෙ එයත් මැරුණා කියල. "
"සමහර විට වෙන්න ඇති.."
"ඒත් එයත් කැම්පස් එකේමනෙ ඉඳල තියෙන්නෙ."එයා ඔලුව හරවල මං දිහා බැලුව. ඒත් ඒ වෙලාවෙ එයා හිටියෙ කලබලෙන් වගේ.
"සැරයක් කිව්වනෙ ශරවන්.. මං එහෙම කෙනෙක් දන්නෙ නෑ.."
"හරි ඉතින්.. මං ඔයාට තරහ ගන්න දෙයක් කිව්වෙ නෑ නෙ.. ඔයා ඇයි අමුතු විදියට කතා කරන්නෙ."
"ඇයි..."
"ඔයා මොනවහරි මගෙන් හංගනවද?"
"මං මොකටද එහෙම කරන්නෙ... ඔයාට මාව විශ්වාස නැද්ද.."
"හරි එහෙම එකක් නෑ.."
"ඔයා අද ගෙදර යනවද?"
"ඔව්..."
"එහෙනන් ලෑස්ති වෙන්න. මං ඔයාව ගෙදරින් ඩ්‍රොප් කරන්නං.."
"මාව යවාගන්න එච්චර හදිස්සි මොකද.."
"පිස්සෙක් වගේ කියවන්න එපා ශරවන්.. ඔයා හැමදේම තේරුන්ගන්නෙ වැරදියටනෙ..."
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...