Chapter 44

68 15 1
                                    

ඊයෙ පාටි එකෙන් පස්සෙ ඩැනෙට් ක්ලබ් එකකට ගිහින්. රෑ පුරාම ඒකේ බීල වැටිල ඉඳල උදේ තමයි මිනිහ හරි සිහියට ඇවිත් තියෙන්නෙ. මොනව උනත් මෑන් කරදරයක් නොවී ආපු එකත් ලොකු දෙයක්. ලොන්ජ් එකේ හැනා ඩැනෙට්ව අල්ලගන වගකීමක් ඇතුව වැඩ කරන විදිය ගැන දේශනයක් පවත්වන අතරෙ මං ශේප් එකේ කෑම එකත් හදාගන මගෙ රූම් එකට ආව. හහ්.. අනේ මිනිහගෙ වගකීම.. ඔතන ඉඳල මෑන් හවස පාටි එකට ගියේ මං එක්ක කියල හැනාට අහූනොත් මටත් හොඳට අහගන්න වෙනවනෙ.

රූම් එකට ඇවිත් කන අතරෙම මං සකෙයට වීඩියෝ කෝල් එකක් ගත්තෙ ඩයල් එකට කාලෙකින් කතා කරන්න බැරිවුණ නිසා.. මූ මැරිලද දන්නෑ.. ප**

"ගල් මෑන්..."

ඔය අහගත්තෙ. මුට ඉතින් මගෙ මූන පේන්ඩ විතරයි ඕන.. මේක ඉතින් ජීවිතේට හැදෙන එකෙක් නෙවෙයිනෙ.

"සුභ උදෑසනක් ලස්සන ළමයෝ."
"මෙහෙට දවල් ප*..."
"ඔය ඉතින්.. කුණුහරප කියන්න එපා වස්තුව.."

මං ඇද කරල කිව්වම සකෙයගෙ මූන බොරු තරහකින් රතු උනා..

"නවත්තපං ඕක.."
"අඩෝ.. අඩෝ.. පොෂ් විදියට ජීවත්වෙලා ඇති වෙලා බං.."
"අනේ.. උඹේ පොෂ්.... මොකද උඹ කරන්නෙ?.."
"කනව.. ඇයි උඹට වෙන මොනවහරි කරනව වගේ පේනවද?"
"හරි.. හරි.. මොනවද තෝ කන්නෙ?.."
"ප* ඩවුන් එක්ක බත්.."
"ප* ඩවුන් කියන්නෙ මොනවද බං?.."
"අළුකෙහෙල්.."

මං එහෙම කිව්වම සකෙය මට නෝන්ඩියට හිනාඋනා..

"අඩෝ.... උඹට එච්චර අහේනියද?.. නැද්ද නාකි සුද්දෙක්වත් හොයාගන්ඩ.."
"නෑ නෙ.. අපි ඉතින් හස්ත කර්මාන්තයක් කරගන පාඩුවේ ඉන්නව.."
"එක්කො කොහොමහරි ගේමක් ගහල ලංකාවට වරෙන් බං.."  මේ හු%& යකෝ..
"ඔව් බං... ගේමක් ගහන්ඩ ඕනි.. නැත්තං බෝට්ටුවෙන් හරි එනව.."
"චන්දෙට කලින් වරෙන්.. නාමල් බේබි ජනාධිපති උනාම බෝට්ටුවෙන් පනින උන්ට කේස්.."
"කමක් නෑ.. මොනව උනත්.. හදවතේ නාමල්.."
"පුකේ සල්මල්ද?..... මේ.. ඒක නෙවෙයි.. මොකද උඹට එකපාරට මාව මතක් වුනේ.."
"මට ඉතින් ඔයාව මතක් වෙන් නැද්ද සුදු මහත්තය.."
"හු** මං තියනව..."
"අඩෝ.. හිටපං.. හිටපං.. මේ.. ඇත්තටම උඹට කියන්න දෙයක් තියෙනව බං.."

ඇත්තටම නිවාඩු වෙලාවකම මං උට කතා කරෙත් මට මෙහෙදි උන හැමදේම සකෙයට කියනව කියල හිතාගන.. ඒත් කොහොම පටන්ගන්නද කියල මටම හිතාගන්න බෑ.. හැබැයි එක දෙයක් නං ශුවර්.. මොනව උනත් සකෙයගෙන් කණ පිරෙන්න අහගන්න වෙනව ඉතින්..

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now