Chapter 39

95 17 3
                                    

"ශරවන් හෙට මාත් එක්ක ලන්ඩන් යන්න ලෑස්ති වෙන්න.."
"ඒ මොකටද?.."
"ඒක ගිහාම බලාගන්න පුළුවන්.."
"මට හෙට ෆෝමල් ඩිනර් එකක් තියෙනවා.."
"ඒව වැඩක් නෑ.. හෙට හවස හත වෙනකොට යන්න ලෑස්ති වෙනව..."

ඩැනෙට් ඒක කිව්වෙ තරහෙන් වගේ.. මං හැනා දිහා බැලුවම එයා කරෙත් උරහිස් අකුලල හිනාවෙලා අහක බලාගත්ත එක..

මේ වෙලාවෙ ලන්ඩන් යනව කියන්නෙ පොඩි රෙස්ක් එකක් තියෙනව.. මොකද එංගලන්තෙ හැම තැනම වගේ ආගම්වාදී අරගල පටන් අරංනෙ.. කන්ට්‍රි සයිඩ් එකේ සමහර පැති, එංගලන්තෙට අයිති නොදර්න් අයර්ලන්ඩ් වල වගේම නැගෙනහිර ලන්ඩන් වලිත් ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව ඔය එක එක රයට්ස් එහෙම සැරටම ගිහින් තිබ්බ.. ඔය අතරෙ එහෙන් මෙහෙන් කලු සුදු ප්‍රශ්නත් තිබ්බ.. ඒත් දැනට මතුපිටින් ඒ දේවල් ගොඩක් පාලනය කරල තියෙනව..

"එනවනෙ..."
"හ්ම්ම්.."

මාත් මුලින් නිවාඩුවට කොහෙහරි ඇවිදින්න යන්න හිතං හිටියත් පස්සෙ වැඩේ අත ඇරල දැම්ම.. දැන් ඉතින් ආයෙම යන්න වෙනව..
මේ දවස්වල අපිට ට'ම් එන්ඩ් වැකේශන් නිසා යුනිවසිටි ස්ටුඩන්ට්ස්ල ගොඩ දෙනෙක් ඇකමඩේෂන් වල නෑ..

කේම්බ්‍රිජ් යුනිවසිටි එකේ අපිට ඇකඩමික් ඉයර් එකකට මිචෙල්මස්, ලෙන්ට්, ඊස්ටර් කියල ට'ම්ස් තුනක් තියෙනව..
දෙසැම්බර් මාසෙ අනිත් ස්ටුඩන්ට්ස්ලට මිචෙල්මස් ට'ම් එක ඉවරවෙලා ක්‍රිස්මස් වලට මාසෙක විතර දිග නිවාඩුවක් සෙට් උනාට මගෙ ආදරණීය එක්ස්ට පිං සිද්ද වෙන්න මට නං දෙසැම්බර් මුල් සති දෙකේම ලෙක්චස් තිබ්බ.. මොකද ෆන්ඩින් නිසා මගෙ නිවාඩු අනුමත කරන්න පුළුවන් සුපවයිසර්ටනෙ..

පහුවදා උදේම ආපහු මං ක්ලබ් එකට ආවෙ ෂූටින් වලට.. ඒ පිස්ටල් ක්ලබ් එක ඇතුළෙ ඉන්ඩෝ ෂූටින් වලට තියන ෂූට් හවුස් එකට..

"එඩ්වඩ්..."

මං ඇතුලට එනකොටත් එඩ්වඩ් එතන ප්‍රැක්ටිස් වෙනව..

"ඔහ්.. ශරවන්.."
"එඩ්වඩ්.. ඔයත් මේකේ ඉන්නවද?.."
"මං මේ ක්ලබ් එකට ජොයින් වෙලා දැන් අවුරුදු තුනක්..."

ඒ උනාට මෑන්ව මං මීට කලින් එක දවසක්වත් දැකල නෑනෙ..

"පුදුමයි.. අපි කලින් මෙහෙදි හම්බෙලා නෑනෙ.."
"පහුගිය ටිකේ උන පොඩි ප්‍රශ්න වගයක් නිසා මට ක්ලබ් එකට එන්න බැරිවුණා ශරවන්.."
"ආ... එතකොට ක්ලාරා.."
"එයා මේවට කැමති නෑ..."

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now