Chapter 30

106 25 2
                                    

"අනේ ළමයො මං ඔයාගෙ ලෙක්චරනෙ.."
"කටවහපං වයිමා..."
"මොකද බං උනේ..."
"මූ කෙල්ලෙක්ට නම්බරෙයක් දෙන්න ගියා.. බලනකොට සීඑස් එකේ ඩිමෝ කෙනෙක්.."
"බොජුම ඒකත් හරිගියෙ නැද්ද.."
"ඩිමෝ අවුලක් නෑ බං.."
"ඩිමෝ උඹට ලෙක්චර් කෙනෙක් කිව්වද බොජූ?.."
"කොහොමත් උන් හිතන් ඉන්නෙ ලෙක්චරර් කියලනෙ.. මතකද පෙන්තානා.."
"සීනියර් ප්‍රොෆිස පෙන්තානා.."
"බිනා.. පෙන්තානාට මොකුත් කියන්න එපා.. මොනව උනත් එයාගෙ පපුව හොඳයි.."
"ආ... මේ...උඹල දන්නවද ලුණු දාපු යෝගට් කෑවම බැජ්ෆිට් වැඩි වෙනව කියල..."
"අදාල දෙයක් ගැන කතා කරපංකො.."

"ටසිරි... රද්ද තාත්ත කෙනෙක් වෙලා.. කන්ග්‍රැජුලේෂන්ස් බ්‍රෝ... වයිම මේ බලපං.."

සකෙය මට පෙන්නුවෙ රද්ද එෆ්බී අප්ලෝඩ් කරල තිබ්බ චූටි බබෙක් වඩාගන ඉන්න ෆොටෝ එකක්..

"මගුලක් කියවනව... ඔය ලේබ රූම් අපොයින්මන්ට් එකේ දි නිකන් ගත්ත එකක්.."
"උඹලව ලේබ රූම් දැම්මද.. මේ.. ළමයි හම්බෙනකොට ගොඩක් රිදෙනවද බං.."

පොතක් කියවන ගමන් හිටපු රද්ද ඒකත් නවත්තල සකෙයට දැම්මෙ නිකං 'මං දන්නෙ කොහොමද' වගේ බැල්මක්..

"ඒ උනාට මං නං කියන්නෙ උඹලත් කෙල්ලො දෙන්නෙක් හරි හොයා ගනින්.. වයසට ගියාම වතුර උගුරක් දෙන්න අඩුම ළමයෙක් හරි ඉඳියිනෙ.."
"ඊටවඩා ලේසී ඇඳ ළඟ ටැප් එකක් හයි කර ගන්න එක.."
"වයිම.. උඹේ ඔය ගොන් මොළේ තාම පෑදිලා නෑනෙ.. හරි උඹට කෙල්ලොන්ව හරි යන්නෑ කියමුකො.. දැන් අර උඹට ඇරල ගිය ලන්ඩන් කාවයිය වගේද බලන්න අපේ රද්ද.. හොස්පිට්ල් ඉන්න දවස්වල උඹව කොච්චර ආදරෙන් බලාගත්තද.. හොඳ කෙයාරින් කොල්ලෙක්නෙ.. එක අතකට ළමයි ඕනෙත් නෑ.. රටකට ගිහින් බණක් භාවනාවක් කරන් ඉන්නනෙ තියෙන්නෙ."

සකෙය එහෙම කියනකොට පොත කියවන එකත් පැත්තක තියල රද්ද සකෙයට දැම්මෙ මරන් කන්න වගේ බැල්මක්.. කොහොමහරි ඒ බැල්මටම ඒ කතාව එතනින් නැවතුණා..

මිනිස්සු වෙනස් වෙන විදිය හරි පුදුමයි. අපි ජීවත් වෙන විදිය එක්ක සමාජෙන් අපිට ලැබෙන රිඇක්ෂන් එක අනුලෝමව සමානුපාත වෙනව.
කොහොමහරි සකෙය ඔය කියපු රද්ද එක්ක කරන බණ භාවනා ගැන නං මට කොහොමටත් හිතන්න ඕන නෑ..
මාසෙකට දෙකකට සැරයක් රුපියල් පන්දාහක් දීල කොල්ලෙක් ගන්නව වගේ නෙවෙයි. මගෙ ප්ලෑන්ස් එක්ක රද්දව මගෙ වලටම දාල ඌවත් කාලකණ්නි කරන්න බෑ. ඒ ඔක්කොටම වඩා රද්ද අමතක කරත් ඌ තාමත් මගෙ යාලුව..

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now