මං ගෙදර ගේට් එකෙන් ඇතුලට එනකොටම දැක්කෙ මිදුලෙ නවත්තල තිබ්බ ගයත්‍රි නැන්දා ගෙ කාර් එක. ගයත්‍රි නැන්දා අපේ නැන්දාගෙ නංගි. මං ඇවිත් ගෙට ගොඩ වෙනකොටම මට ඇහුනෙ කුස්සියේ නැන්දගෙයි ගයත්‍රි නැන්දා ගෙයි කතාවක්.
"උඹට පිස්සුද ගයත්‍රි.. බාප්පගෙ දේපල ටිකත් විනාස කරගෙන දැන් අයියගෙ දේවල් වලටත් ඇඟිලි ගහන්නෙ.. "
"අක්කේ මං කියන එක අහන්නකො. ඔයා ඔය ළමය වෙනුවෙන් මොනවද නොකලෙ. ඒ නිසා ඔය සාගරේ වගේ දේපල වලින් පොඩ්ඩක් ගත්තට වරදක් නෑනෙ."
"මට කාගෙවත් දේපල ඕන නෑ. මට ජීවත් වෙන්ඩ රස්සාවක් තියෙනව. අනික අයිය දුක් මහන්සියෙන් හම්බකරපුව අයිති අර කොල්ලට. උඹල මේ වෙනකං කොල්ලට තඹ සතේක දෙයක් කරල නෑ.. ඒ මදිවට එනව උගෙ..... "මං දැකල නැන්ද කතාව නවත්තල කේන්තියෙන් වගේ එයාගෙ කාමරේට ගියා. මට නෑදෑයො කියල ඉන්නෙ තාත්තගෙ පවුලෙ අය විතරයි. ඒකත් අපේ නැන්දයි ගයත්‍රි නැන්දයි අත්තම්මයි. අත්තම්ම නං අපේ නැන්ද එක්ක ඒ කාලෙ ඉඳලම තරහයි. මං පොඩිකාලෙ අත්තම්ම නිතරම අපේ ගෙදර ඇවිත් නැන්දට කෑගහනව අනුන්ගෙ පව් කරගහන්නෙ නැතුව මාව ළමා නිවාසෙකට දීල නැන්දට කසාදෙයක් කරගන්න කියල. ඒත් නැන්ද අත්තම්ම කියපු කිසි දෙයක් ඇහුවෙ නෑ. ඒ දවස් වල මට ඔය දේවල් ගැන තේරුමක් නෑ. මං ගොඩක් පොඩියිනෙ. අන්තිමට මෙහෙ ආපු දවසෙ අත්තම්ම නැන්දට බැනල ගියේ එයා නැන්දව මැරුන කියල හිතාගන්නව කියල. මං දන්න තරමින් එදා ඉඳන් අද වෙනකං එයා නැන්ද එක්ක කතා කරලම නෑ.
"ශරවන් පුතා ඔය කැම්පස් එකේ ඉඳන් එන ගමන්ද?."
"ඔව් නැන්දා.. ගයත්‍රි නැන්දා කොයිවෙලාවෙද ආවෙ?"
"මං ඇවිත් දැන් ටිකක් වෙලා පුතා. අක්කව බලල යන්න ආව. කාලෙකින් එන්නත් බැරිවුණානෙ."
"ආ.. එහෙමද..."
"ඔව්.. පුතාගෙ කැම්පස් එකේ වැඩ කටයුතු එහෙම කොහොමද?"
"කෙරීගන යනව නැන්ද.."
"අවුට් වෙන්න තව කොච්චර කල් තියෙනවද?"
"හරිනං මේ අවුරුද්දෙන් ඉවරයි.. ඒ වුනාට ස්පෙෂල් එකත් ඔහොම්ම කරනව කියල හිතුවෙ."
"ඇයි පුතාට ඇතුළෙ වැඩ කරගන්න අමාරුද... අපේ පොඩි පුතාත් මේ සැරේ ඒලෙවල් කරනවනෙ මැත්ස් වලින්. එයාගෙ නං හිතේ මොරටුව ඉන්ජිනියරින් යන්න. මං ඔය කැම්පස් පොත් එහෙම දැම්ම ගෙනත් දීල තියෙනව. ඕව පොඩ්ඩ පොඩ්ඩ හරි දැනන් හිටියම ඇතුළෙ වැඩ ලේසියිනෙ.."
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...