Chapter 21

124 20 6
                                    

"මචං... ඇඹරි කතාකරනව මං පොඩ්ඩක් එළියට ගිහින් එන්නං.."

ඇඹරි කියන්නෙ හර්ෂනී.. සකෙයගෙ ග'ල්ප්‍රෙන්.. ඌ ගියාම අන්තිමට රූම් එකේ ඉතුරු මායි රද්දයි විතරයි. මං ඇවිත් එහෙමම ඇඳේ දිගා වුනා. රද්ද පාඩන් කරන නිසා මං උට ඩිස්ට'බ් වෙන්න ගියෙනෑ..

"උඹට තේ එකක් හදන්නද ශරවන්.."
"එපා බං.."
"මොකද උඹ සද්ද නැත්තෙ.. උඹට අසනීපයක්ද?"
"නෑ.. ඔලුව ටිකක් රිදෙනව. බාම් මොකුත් නැද්ද?.."
මං එහෙම කිව්වම රද්ද ඇවිත් මගෙ ඇඳ ළඟින් වාඩිවුනා..
"කොන්ඩෙ තෙත පිටින් නිදාගන්න එපා ශරවන්. උඹට පීනස වගෙත් තියෙනවනේ. වරෙන් හෙඩ් මසාජ් එකක් දාන්න එතකොට ඕක ටිකක් හරියයි.."
"එපා උඹ පාඩන් කරපං.. මං ගාගන්නං.."

මං එහෙම කිව්වට මූ ඇහුවෙ නෑ. ඌ මොකුත් නොකිය මගෙ ඔලුව උගෙ උකුල උඩින් තියාගන බාම් එක ගාල මගෙ නලල දෙපැත්ත හෙමීට මසාජ් කරා.. ඒක සෑහෙන්න සනීපයි. හරිම රිලැක්සින්. ඒ බාම් එකත් රෝස්මෙරි සුවඳයි. ඇඟේ මහන්සියත් නිසාද මන්ද ටික වෙලාවකින් මට එහෙමම නින්ද ගියා. මට ආපහු ඇහැරුනේ වරුන්ගෙන් ආපු කෝල් එකකට. කොහොමහරි මං පැයක් දෙකක් විතර නිදාගන්න ඇති. ඒ ඇහැරෙනකොට රූම් එකේ කවුරුත් හිටියෙ නෑ.

"ශරවන් ඔයා ලෑස්ති වෙලාද ඉන්නෙ.."
මලකෙලියයි.. අද වරුන් ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරානෙ. මට ඒක අමතක වුනා.
"ඔයා එන ගමන්ද?"
"නෑ මං ඇවිත් ඉන්නෙ.. ඔටු ගහ ළඟ.."
"ඔතන ඉන්න එපා.. මං තප්පරෙන් එනව.."
"හරි හරි මං වල ලඟට එන්නංකො.."

වරුන් ඒක කිව්වෙ හිනා වෙවී.. ඔටු ගහ කියන්නෙ කැම්පස් එකේ තනිකඩයන්ට වෙන්වුණු තැන. හිච් එකක් නැති කොල්ලො ඔතන ඉඳන් තමා කෑලි ටෝක් කරන්නෙ. වෙලාව හවස හය හමාරට විතර. මං ඉක්මනට මූන පොඩ්ඩක් හෝදගන අතට අහුවුන සකෙයගෙ ඩෙනිමයි රද්දගෙ ෂ'ට් එක්කුයි ඇඳගන උගෙම ප'ෆියුම් එකත් ගහන් අල්විස් එක ළඟට ආව. වරුන් හිටියෙ කාර් එක ඇතුළෙ. මාත් ගිහින් කාර් එකට නැග්ග ඉතින්..

"මොකෝ පරක්කු වුනේ.."
වරුන් එහෙම ඇහුවෙ එයාගෙ ඇඟිලි මගෙ කොන්ඩෙ අතරින් ගෙනිහින් මගෙ කොන්ඩෙ අවුස්සන ගමන්..
"මට නින්ද ගියානෙ.."
"මහන්සිද.. මං නින්දත් කැඩුවනේ..?"
"නෑ.. මං පැයක් දෙකක් විතර නිදාගන්න ඇති.. ඔයා ඇවිත් ගොඩක් වෙලාද.."
"විනාඩි විස්සක් විතර.."
"කමක් නෑ ඉතින් මං වෙනුවෙන් බලන් ඉන්නකොට විනාඩි විස්ස කියන්නෙ මොකද්ද නේ.."
"ම්ම්...ඒකනෙ.."
"යන්නෙ නැද්ද..."
"යං.."

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now