හැනා කිව්ව වගේම දවස් දෙකකින් ඩැනෙට් ආපහු ඩෝමෙට්‍රියට ආව. තනියම නෙවෙයි.. පෙට් කෙනෙකුත් එක්ක.. ඇහුන විදියට උගෙ නම ඩ්‍රැකාරියෙස්.. ඩැනෙට්ට අම්ම දුන්න ගිෆ්ට් එකක්ලු.. ආ.. ඩ්‍රැකාරියෙස් මකරෙක් නෙවෙයි.. ඌ කටුස්සෙක්.. පුදුම ආසාවල් තමයි මුන්ට තියෙන්නෙ..
මෙහෙට ආපු සතියට දෙකට මං සෑහෙන බියර් බොන්න පුරුදුවෙලා.. අදත් එහෙමම බියර් කෑන් එකක් අරගන මං ආවෙ ටවර් එක උඩ තියෙන පොඩි රූෆ් ටොප් එකට.. මං කලින් මෙතෙන්ට ඇවිත් නෑ.. හැනාගෙ රූම් එකේ කහ පාට බල්බ් එලිය ලාවට මෙතෙන්ට වැටුනට මෙතන ටිකක් කලුවරයි.. හැබැයි මෙතෙන්ට පේන කොලෙජ් විව් එක හරිම ලස්සනයි.. මං එතන රූෆ් ටොප් රේල් එකට බර වෙලා බියර් කෑන් එක බොන්න ගත්තෙ ඒ වටපිටාවෙ තිබ්බ සීතල නිස්කලංක බවත් විඳින ගමන්මයි..
"බලල ගියාට කමක් නෑ.. හැබැයි මෙතන මගෙ තැන.."
ෂූ.... මේකා මෙතනද ඉඳල තියෙන්නෙ.. මං මූව දැක්කෙවත් නෑනෙ..
"ඩෝම් එකේ ඉන්නවට මං කොලෙජ් එකට ගෙවනව.. ඒ නිසා මෙහෙම කරන එක හොඳ නෑ නේ...."
ෂූගෙ දිහාවට හැරිල ආපහු අහක බලාගෙනම බියර් උගුරක් බොන ගමන් මං එහෙම කිව්වෙ ෂූව වැඩිය ගනන් නොගෙන..
"මං ඔයාට මෙතෙන්ට එන්න එපා කිව්වෙ නෑනෙ.."
එතන කෙලවර වහලෙ කොටසක නිදාගන හිටපු ෂූ එහෙම කියල එතනින් නැගිටල යන්න ගියේ..
"ෂූ එදා මගෙ වෝටර් සප්ලයි එකට දාපු කෙමිකල් එක මොකක්ද?"
"සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්..."මෑන් ඒක කිව්වෙ මගෙ ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ දිහාවට බාගෙට ඔලුව හරවල..
"හ්ම්ම්.. හරි.. ඔයා මෙතන ඉන්නව කියල මං දැනං හිටියෙ නෑ.. මං යන්නං.. ඔයා ඉන්න.."
ෂූව නවත්තල මං එතනින් එන්න හැදුවත් එයාව පහු කරල ටික දුරක් යනකොටම මෑන් ආපහු මට කතා කරා..
"ශරවන්..."
"ඇයි??..."
"එදා.... උන දේට සොරි... ආපහු එහෙම වෙන්නෑ.."විශ්වාස කරන්න අමාරු උනත් කරපු දේවල් වලට මගෙන් සමාව ගත්ත එකම කෙනා ෂූ.. මං පුදුම වෙලා මෑන් දිහා බලන් හිටියත් පොර මගෙන් සමාව ගත්තෙ අවංකවම කියල තේරුනා..
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...