"අඩෝ සකේ පොඩ්ඩක් හෙමින් පලයන් යකෝ."
"අඬන්නැතුව හිටපන්කො බල්ලො පරක්කු වෙලා තියෙන්නෙ"
"පාර බලපං ඔය ඉස්සරහ බල්ලෙ....................💥💥 හැප්පුව නේද බේසිකය bmw එකක්ම..""අඩෝ වයිම කකුල මොකද බං.. "
"කකුල නෙවෙයි බල්ලො.. අර මනුස්සයගෙ වාහනේ ඩැමේජ් නේද?"
"අඩෝ වාහනේ නෙවෙයි බං.. කකුල හොඳටම තුවාල වෙලා.. සොරි බං මගෙ වැරැද්ද.. පරක්කු උන නිසා මං ඉක්මනට යන්න බැලුවේ බං.."
"මගුලක් කියවනව.. ඒක ලොකු අවුලක් නෑ. ඔය කොහෙන්හරි බෙහෙත් ටිකක් දාගමු.. අරකට ටෝක් කරපන්කො.. ගේමක් ගහගන්න බලමු නැත්තං ගෙවමු"
"ගෙවන්න... අඩෝ ඒක i8 එකක් බං ඕකෙ පාට්ස් අරන් දෙන්න ගෙවන්න වෙන්නෙ මගෙ ඇ* විකුණනල තමයි. අන්න පොර බැහැල එනව."
"ඉස්සෙල්ලා ටොක් කරල ඉඳපන්කො"
මං ශ්රවන් අනෝද්ය. වයස 24යි. මං පේරෙ සයන්ස් ෆැකල්ටියෙ 3rd year එකේ ඉගෙන ගන්නෙ. "වයිම" කියන්නෙ මගෙ කැම්පස් කාඩ් එක. ඉන්නෙ නුවරම තමයි ඉතින්.
සකේ ඉස්කෝලේ කාලෙ ඉඳන්ම මගෙ යාලුව. අමුඩෙයි පු*යි වගේ අපි දෙන්නත් ඉතින් කොහෙ ගියත් එකටම සෙට්වෙනව. දෙන්නම එකම ෆැකල්ටියෙ. ලේසියට සකේ කිව්වට උගෙ කාඩ් එක සක්කරේ. ඇත්ත නම ඉතින් නවීන්. කොහොමහරි ඉතින් මායි සකෙයි උගෙ බයික්කෙ උදේම අපේ ගෙදරින් පිටත් වුනේ කැම්පස් එකට යන්න. ගෙයක් තිබ්බට ඌ වැඩිහරියක් ඉන්නෙ අපේ ගෙදර. හොඳටම පරක්කු වෙලා තිබුන නිසා ඌ බයික්කෙ වේගෙ වැඩිකරල ඉස්සරහින් ගිය bmw එක්කට overtake කරන්න ගියේ. ඒත් එකපාරට පාරට බල්ලෙක් පැන්නනෙ. ලොකු අවුලක් නොවුනත් bmw එකේ බම්පර් එකේ පැත්තක paint එක හීරිලා පොඩ්ඩක් ඇඹිල තිබ්බ..
සුදු උස ලස්සන කඩවසම් පෙනුමක් තියෙන කොල්ලෙක් කාර් එකෙන් බැහැල අපි ලඟට ඇවිදන් ආව. මොනව උනත් පොර දතක් කියල පෙනුමෙන්ම පේනව. මේ මනුස්සයගෙන් බැනුන් අහන්න වෙයිද මංද.. පොරගෙ කාර් එකට ඩැමේජ්නෙ. අනික අපේ වැරැද්ද.
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...