මට නින්ද ගිහින් උදේ ඇහැරෙනකොට අදත් මං නිදන් හිටියෙ සර්ගෙ ඇඳේ.. ඒත් සර් නං රිසෝට් එකේ කොහෙවත් හිටියෙ නෑ. මං බලන්න පුළුවන් හැම තැනකම බැලුවත් එයා හොයාගන්න නෑ.. මං සර්ගෙ රූම් එකේ නිදා ගත්ත නිසා සර්ගෙ කස් එක සර් එක්ක තරහ වෙලා සර් මුහුදට පැන්නවත්ද.. කිව්ව නං මං සුදු මහත්තයව ආදරෙන් බලා ගන්නවනෙ..
ටිකක් වෙලා බලල බැරිම තැන මං ශෙනාල්ට කෝල් කරා..
"ශෙනාල් ඔයාල කොහෙද?"
"අපි තාම මග එනගමන් ශරවන්.. ඇයි උදේම කෝල් කරේ.. මොකක් හරි හදිස්සියක්ද?"
"ශෙනාල්.. සර් රිසෝට් එකේ කොහෙවත් නෑනෙ. ඔයාට යන තැනක් කිව්වද?"
"වරුන්... නෑනෙ.. ශරවන්. ඔයා හොඳට හොයල බැලුවද?"
"ඔව් බැරිම තැන තමයි මං ඔයාට ගත්තේ."
"ශරවන් ඔහොමම ඉන්නකො අපි ඉක්මනට එන්නං. වරුන් ආවොත් මට ඉක්මනට කෝල් එකක් දෙන්න."දැන් නං වැඩේ සීරියස් වගේ. මට කරගන්න දෙයක් හිතාගන්න බෑ.. පස්සෙ මං බෝට් යාඩ් එකේ අයගෙන් ඇහුවම එයාල කිව්වෙ උදේ පාන්දම කෙනෙක් ඩයිවින් කිට් එකකුයි බෝට්ටුවකුයි අරන් ගියා කියල. ඩයිවින් වල නීතියක් තියෙනව කිසිම වෙලාවක තනියම ස්කුබ ඩයිවින් කරන්න තහනම්. ඒත් සර් තනියම ගිහින්වත්ද... හැඩ්රියම් ඉන්වෙස්ටිගේෂන් එකේ පැය විසිහතර තාම ඉවරත් නෑ. එත් එක්කම මගෙ ඔලුවට ආවෙ ඊයෙ සර් කිව්ව හැඩ්රියම් misbehavior එක..
පස්සෙ මාත් බෝට්ටුවක රිසච් ඒරියා එකට යන්න ලෑස්ති උනේ. ඒ එක්කම රද්ද කෝල් කරා..
"ශරවන් මට උඹට කතා කරන්න ඕන.."
"රද්ද මට හදිස්සියක් මං උඹට පස්සෙ ගන්නං කොල්ලො.."
"ඇයි මොකක් හරි කරදරයක්ද?.... ශරවන් කියපං.."
"නෑ.. නෑ.. මං පස්සෙ ගන්නං.."
මං පුළුවන් ඉක්මනට රිසච් ඒරියා එකට එනකොට සර් ආව බෝට්ටුව එතන තිබ්බ.. සර්ගෙ බොට්ටුවේ හැඩ්රියම් කේස් එකයි සර්ගෙ අනිත් බඩුත් තිබුන.. ඒත් සර් හිටියෙ නෑ..පස්සෙ මාත් වතුර යටට යනකොට දැක්ක දේ හිතාගන්න බැරිවුණා.. එතන ලොකු ගිලුනු නැවක් තිබුන.. ඒක ගොඩක් පරන ගොඩ කාලෙකට කලින් ගිලිච්ච එකක් කියල පෙනුමෙන්ම කියන්න පුළුවන්.. ඒත් මේක කොහොමද මෙතෙන්ට ආවෙ.. අපි දවස් තුනක් කීපසැරයක්ම ආවත් මෙතන මෙහෙම දෙයක් තිබ්බෙ නෑ නෙ.. ඒත් සර් කෝ... දැන් නං මට පිස්සු වගේ.. තනියම ඇවිත් මං කරේ මෝඩ වැඩක්ද මන්ද.. කොහොමහරි සර්ව හොයාගන්න මං නැව ඇතුලට පීනුව.. මේක ඇතුල ගොඩක් අඳුරුයි.. පට්ට බය හිතෙනව..
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...