"අදත් ආවෙ බෝයිප්රෙන්ඩ් එක්කද?.."
"කවුද බෝයිප්රෙන්ඩ්?.."
"අර උස කැත ප්‍රංශ කොල්ලා."ෆ්‍රෑන්ස් නං ඩැනෙට්.. ඩැනෙට් නං ෆ්‍රෑන්ස් සීන් එකක් තමයි දැන් තියෙන්නෙ. මෑන් හැමදාම මං එන වෙලාවටම ඩෝම් එකෙන් එළියට ඇවිත් කැවෙන්ඩිෂ් එකට එනකං මාත් එක්කම එනව. කුප්පෙ මං හිතනවට වඩා දේවල් ගැන අප්ඩේට්නෙ..
"තමුසෙට ඇස් පේන්නැද්ද?.. ඩැනෙට් සුපිරි ලස්සන කොල්ලෙක්නෙ.. හරියට නිකං.... නිකං... රජ කුමාරයෙක් වගේ.. හැරී, විලියම් දෙන්න මොක්කුද ඩැනෙට් එක්ක බලනකොට.."
"එහෙමද?.. උගෙ නම ඩැනෙට්ද?"
"ඔව්.. මේක අස්සට වෙලා කරන්නෙ මං එක්ක එන යන අය ගැන ඔත්තු බලන එකද?.."ඇත්තටම එයාගෙ කැබින් එකේ වින්ඩෝ එක ළඟට ආවම බිල්ඩින් එකෙන් එලියෙ පහල වෙන දේවල් හොඳට පේනව..
"මට මොකද ඔයා කා එක්ක ආවත්.."
"ඩැනෙට් මගෙ යාලුවෙක් විතරයි.."
"ඇයි එහෙනං ඌ එදා ලීසාට කිව්වෙ ඔයාගෙ බෝයිප්රෙන්ඩ් කියල.."මේසෙට හේතුවෙලා හෙන නෝමල් එකේ වතුර එකක් බොන ගමන් එහෙම ඇහුවට හිත යටින් මෑන්ට පොඩි ජෙලකුත් තියෙනව වගේ. ඕප දූප හොයන්නනෙ ඉතින් මෙච්චර මහන්සි වෙන්නෙ. අද නං ආතල් එකක් ගත්තෙ නැත්තං වැඩකුත් නෑ හැබැයි..
"ඔයා මාව මැරි කරන්න කැමතිද?."
මං එහෙම ඇහුවම එකපාරම මේ මිනිහ බිබී හිටපු වතුර එකත් පිට උගුරෙ යවාගන පුදුමවෙලා මං දිහා බලන් ඉඳල ඒ තප්පරේට අනිත් අතට මට කින්ඩියට හිනාඋනා... ඇයි දෙවියනේ මට මේ වගේ කැ# සිතුවිලිම පහළ වෙන්නෙ??.. භූමි දෝෂ දරුවා...
"ඇයි?.."
"දැන් ඉතින් බැඳල මොනව කරන්නද.. හනිමූන් එකත් ගිහින් ඉවරනෙ?.."ජෝක් එකට එහෙම ඇහුව උනත් එයාගෙ ඇස් දිලිසෙන්න ගත්ත විදියට මට තේරුනේ එයා ඒකට සෑහෙන එක්සයිට් උනා.
"මට තමුසෙගෙ දේපළ ටික ලියාගන්න තියෙනවනෙ...... මැරි කරන්න ඕන කිව්වෙ එහෙම මගුලකට නෙවෙයි. මට සිටිසන් ගන්න ඕනි.... "
මං එහෙම කිව්වමනං ආපහු එයා එයාගෙ සීරියස් මූඩ් එකකට ආව.
"ඔය ඇත්තටමද?.."
"ඇයි තමුසෙ හිතුවෙ මං තමුසෙට ලව් කරනව කියලද??.."
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...